ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (09) සිට යාපනය සහ කන්කසන්තුරය දක්වා යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෑතකදී බලපෑ “දිට්වා“ සුළි කුණාටුවෙන් හානියට පත් වූ ස්ථාන 14ක් ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු මෙලෙස දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇත.
ඒ අනුව, යාපනය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය අද සිටත්, යාල්දේවී දුම්රිය හෙට (10) සිටත් දෛනිකව ධාවනය කිරීමට නියමිතය. ජනවාරි 19 වැනිදා සිට තාවකාලිකව අත්හිටුවා තිබූ මෙම සේවාවන් යළි ඇරඹීම උත්සව සමයේ උතුර බලා යන මගී ජනතාවට විශාල පහසුවක් වනු ඇත.
















