මෑතකදී ඉන්දියන් සාගරයේ ඇති වූ ඉරාන නෞකා සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු පෙන්වා දුන්නේ ‘IRIS ඩේනා’ සහ ‘IRIS බුෂෙහර්’ යන නෞකා දෙකට මෙරටට පැමිණෙන ලෙස නාවික හමුදාපතිවරයා වාචිකව ආරාධනා කර ඇති බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ඉරාන තානාපතිවරයා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. නාවික හමුදාපතිවරයා මෙවැනි ආරාධනයක් කළේ මන්දැයි රජය වහාම විමර්ශනය කළ යුතු බවත්, ඔහු වරදක් කර ඇත්නම් ධුරයෙන් ඉවත් කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
විශේෂයෙන්ම ඉන්දියාවේ විශාඛාපට්නම්හි පැවති ‘ජාත්‍යන්තර නාවික සමාලෝචනය 2026′ සඳහා පැමිණි මෙම නෞකා භාර ගැනීමට ඉන්දියාවට ඉඩ දිය යුතුව තිබූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවී මධ්‍යස්ථව කටයුතු කළ යුතු බව ද පැවසීය. කෙසේ වෙතත්, ‘IRIS බුෂෙහර්’ නෞකාවේ සිටි පිරිස බේරා ගැනීම සම්බන්ධයෙන් ඔහු රජයට ප්‍රශංසාව පළ කළේය.














