ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ‘පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්’ (Private Member’s Bill) ලෙස සභාගත කිරීමට නියමිතය. ක්‍රිකට් ආයතනයේ පරිපාලන ව්‍යුහය සහ විනිවිදභාවය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
පසුගිය කාලසීමාව පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සහ මූල්‍ය විනය සම්බන්ධයෙන් මතුවූ දැඩි විවේචන හමුවේ, එහි ව්‍යුහය වෙනස් කිරීමට රජය මෙන්ම විපක්ෂය ද විවිධ අවස්ථාවල යෝජනා ඉදිරිපත් කර තිබුණි. මෙම නව නීතිමය රාමුව හරහා ක්‍රිකට් ආයතනය වඩාත් වගකීම් සහගත ආයතනයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ.














