එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන 608ම ආවරණය වන පරිදි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි
විශේෂයෙන්ම අවුරුදු සමයේ සිදුවන රථවාහන තදබදය පාලනය කිරීම සහ රථවාහන අනතුරු අවම කරගැනීම සඳහා දැඩි ලෙස රථවාහන පරීක්ෂා කිරීම් සිදුකෙරෙන අතර මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පමණක් පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් දිවයින පුරා යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළා














