දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයින් 577 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් මත දිවයිනේ සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ඒකාබද්ධව මෙම වැටලීම් සිදු කර තිබේ.
ඊයේ (05) දිනය පුරා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම්වලදී විවිධ අපරාධවලට සම්බන්ධ සහ වරෙන්තුකරුවන් පිරිසක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත. රටේ පවතින උණුසුම් තත්ත්වය මධ්‍යයේ වුවද මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ අපරාධ මර්දනය කිරීමේ අරමුණින් මෙම විශේෂ වැටලීම් මාලාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා අදාළ ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














