‘සූර්ය බල සංග්‍රාමය’ වැඩසටහන යටතේ ඉකුත් 2025 වසරේදී මෙගාවොට් 550ක ධාරිතාවකින් යුත් වහල මත සවි කරන සූර්ය පැනල පද්ධති ස්ථාපනය කර ඇති බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි. මෙය අධිකාරිය විසින් නියම කර තිබූ මෙගාවොට් 180ක වාර්ෂික ඉලක්කය දෙගුණයකටත් වඩා ඉක්මවා යාමක් වන අතර, එමඟින් නව පාරිභෝගිකයින් 12,700කට විදුලි සබඳතා ලබා දී ඇත.
මේ වන විට රට පුරා ස්ථාපනය කර ඇති වහල මත සූර්ය පැනලවල සමුච්චිත ධාරිතාව මෙගාවොට් 1,966ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එමඟින් පාරිභෝගිකයින් 124,017කට සෘජුවම ප්‍රතිලාභ ලැබෙන බව අධිකාරිය පෙන්වා දෙයි. එසේම, සූර්ය බලශක්ති සමාගම් 49ක් ඉකුත් වසර තුළ ලියාපදිංචි කර ඇත.












