බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබේ.
මෙරට වේලාවෙන් අද (සැප්තැම්බර් 06) අලුයම අවසන් වූ මෙම තරගයේදී ඔහු මීටර් 89.04 ක දක්ෂතා දැක්වීමක් සිදු කරමින් මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය. මෙහිදී රුමේෂ් වෙත දැඩි අභියෝගයක් එල්ල කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් (Dawid Wegner) මීටර් 87.47 ක දුරක් වාර්තා කරමින් දෙවන ස්ථානය දිනාගත් අතර, ට්‍රිනිඩැඩ් සහ ටොබැගෝ හි කෙෂූ වෝල්කට් (Keshorn Walcott) මීටර් 83.99 ක දුරක් සටහන් කරමින් තෙවන ස්ථානය හිමිකර ගත්තේය.














