• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තන ධාරිතා ප්‍රවර්ධන ගමන් මඟ ජාත්‍යන්තර ප්‍රසාදයට

7 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් දකුණු කොරියාවේ පැවැති 7වෙනි කලාපීය සම්මන්ත්‍රණයේ දී ශ්‍රී ලංකාවේ ධාරිතා ප්‍රවර්ධන (Capacity Building) හා කලාපීය ඩිජිටල් සංවර්තන (Regional Digital Transformation) ගමන් මඟ ප්‍රසාදයට ලක්ව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

මෙම සම්මන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවල් රැසක සහභාගිත්වයෙන් දින තුනක් පුරා පැවැත්විණි.

“ඵලදායී පාලනය හා ඩිජිටල් සංවර්තනය තුළින් 2030 තිරසාර ඉලක්ක වෙත ප්‍රවේශ වීම” මෙවර සම්මන්ත්‍රණයේ තේමාව විය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ අතර “ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා ඩිජිටල් පාලනය සවිබල ගැන්වීම සහ ඩිජිටල් සංවර්තනය” මැයෙන් මෙහි දී විශේෂ දේශනයක් සිදු කළේය.

ශ්‍රී ලංකාව ඉකුත් වසරේ අග භාගයේ සිට ආරම්භ කරන ලද ඩිජිටල් සංවර්තනය සඳහා සමෝධානික ධාරිතා ප්‍රවර්ධන ප්‍රවේශය සහ එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී රටක් වශයෙන් ලත් අභියෝග සහ අත්දැකීම් පිළිබඳව ජයවර්ධන මහතා මෙහි දී විස්තර කළේය.

මෙම සමෝධානික ධාරිතා ප්‍රවර්ධන නව්‍ය ආකෘතිය ඉතා සාර්ථක ආකාරයෙන් මෙරට තුළ ක්‍රියාත්මක වීම මත ශ්‍රී ලංකාවට මෙම සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

තව ද ගෝලීය හා කලාපීය වශයෙන් ඩිජිටල් සංවර්තනයේ සහ ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ රටක සෑම ප්‍රදේශයකට ම මෙන් ම එහි සියලු ස්තර වෙත ගෙන යෑමේ වැදගත්කම මෙහි දී අවධාරණය කළ ජයවර්ධන මහතා ඒ වෙනුවෙන් මෙරට ක්‍රියාවට නංවා තිබෙන ධාරිතා ප්‍රවර්ධන හා කලාපීය සංවර්ධන මූලෝපායන් ගැන පැහැදිලි කිරීමක් කළේය.

ඉහත ක්‍රියාදාමයන් සහ භාවිතයන් කලාපයේ සෙසු රටවල් වෙත ගෙන යෑමේ වැදගත්කම පිළිබඳව සඳහන් කළ හෙතෙම ශ්‍රී ලංකාවේ සමෝධානික ධාරිතා ප්‍රවර්ධන වැඩපිළිවෙළ ගැන දැනුවත් කිරීමක් සිදු කළේය.

මේ යටතේ රාජ්‍ය අංශය සඳහා ක්‍රියාත්මක කෙරෙන සමෝධානික ධාරිතා ප්‍රවර්ධන ක්‍රියාවලිය, පුරවැසි බලගැන්වීම සහ කලාපීය ඩිජිටල් සංවර්තනය යන කාරණා ගැන මෙහි දී සංවාදයක් ද සිදු කෙරිණි.

සම්මන්ත්‍රණයට එක්ව සිටි එක්සත් ජාතීන්ගේ සහ විවිධ රටවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ එම ධාරිතා ප්‍රවර්ධන හා කලාපීය ඩිජිටල් සංවර්තනය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය.

තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්‍රයේ පෞද්ගලික සමාගම් මෙන් ම වෙනත් සංවර්ධන ආයතන සහ ජාත්‍යන්තර සමාගම් ආදියේ සහයෝගයෙන් අවම රාජ්‍ය පිරිවැයක් යටතේ මෙම මූලෝපායන් ක්‍රියාත්මක කිරීම ද මෙහි දී අගය කෙරිණි.

මෙම ධාරිතා ප්‍රවර්ධන හා කලාපීය ඩිජිටල් සංවර්තන වැඩසටහන සමඟ හඳුන්වාදෙන ලද නිපුණතා රාමු, සංවර්ධන දර්ශක, ඩිජිටල් සංවර්ධන ආකෘති මඟින් ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීම සඳහා කඩිනම් ප්‍රවේශයක් ලබා ගැනීමට ජාතික වශයෙන් ඇති හැකියාව ගැන ද පෙන්වා දෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මෙම සමෝධානික ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන් ආකෘතිය කලාපයේ වෙනත් රටවල ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ගැන ද සම්මන්ත්‍රණ නියෝජිතයින් මෙහි දී අදහස් දැක්වීය.
ඵලදායී සහ කාර්යක්ෂම මහජන සේවාවන් සැපයීම සඳහා රාජ්‍ය අංශය තුළ ඩිජිටල් සංවර්තනයක් ඇති කිරීම සහ ඊට නවෝත්පාදන යොදා ගැනීම ගැන ද මෙවර සම්මන්ත්‍රණයේ විශේෂ අවධානය යොමු විය.
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව (UN DESA), රාජ්‍ය ආයතන සහ ඩිජිටල් රාජ්‍ය සඳහා වන අංශය (DPIDG), දකුණු කොරියාවේ අභ්‍යන්තර හා ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය (MOIS) යන ආයතනයන්හි සහයෝගයෙන් මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබේ.

Post Views: 13
Previous Post

ක්‍රිකට් හොරුන්ගෙන් ස්වාධින අධිකරණයටත් බලපෑමක් ඇත්දැයි සැක සහිතයි – විපක්ෂනායක සජිත්

Next Post

ජංගම සේවයක් පල්ලේපොල විවිධ සේවා සමුපකාර පරිශ්‍රයේදී

editor

editor

Next Post

ජංගම සේවයක් පල්ලේපොල විවිධ සේවා සමුපකාර පරිශ්‍රයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved