2026 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) සිට නැවත ආරම්භ වන බව අධ්‍යාපන බලධාරීන් දැනුම් දෙයි. අද සිට ආරම්භ වන මෙම අධ්‍යයන අදියර අප්‍රේල් මස 10 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිතය.
අප්‍රේල් 10 වනදා දක්වා මෙම දෙවන අදියර පැවැත්වෙන අතර ඉන් අනතුරුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව සඳහා පාසල් වසා තැබෙනු ඇත.
වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග (Big Matches) සමය ආරම්භ වී ඇති බැවින්, එම තරග සංවිධානය කිරීමේදී අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථාන සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය සංවිධායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. ශිෂ්‍යයන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව මෙන්ම සාමය පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ.













