The Economist සඟරාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, ආසියාවේ නිවාස මිලදී ගැනීමට වඩාත්ම අපහසු (Unaffordable) රටවල් අතර දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. වේගවත් නාගරීකරණයත් සමඟ ප්‍රධාන නගර කරා ජනතාව ඇදී ඒම හේතුවෙන් ආසියාව පුරා දැඩි නිවාස හිඟයක් නිර්මාණය වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල ද නගර ව්‍යාප්තිය වේගවත් වුවද, සාධාරණ මිලකට නිවාස සැපයීමේ ක්‍රියාවලිය ඊට සාපේක්ෂව පසුගාමී මට්ටමක පවතින බව එහි සඳහන් වේ. නිසි නිවාස පහසුකම් නොමැති වීම රටක නිෂ්පාදන ඵලදායිතාවයට, ජීවන තත්ත්වයට සහ ආර්ථික වර්ධනයට සෘජුවම බලපාන බවට The Economist අනතුරු අඟවයි. නිසි ආයෝජනයන් සහ විධිමත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් ඉදිරි වසරවලදී ආසියාවේ ප්‍රධාන නගරවල තදබදය, අසමානතාවය සහ ජීවන තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක්විය හැකි බව ද එම වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.














