යුද හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 32ක් සමඟ මහා පරිමාණ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම සිදු කර ඇත්තේ කැස්බෑව පොලිස් වසමට අයත් පොල්ගස්ඕවිට පාලම අසලදීය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 06, කිරුළපන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත. ඔහු කාලයක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවට සැක කෙරෙන අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ ගණනක් වන බව වාර්තා වේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ ගංජා තොගය කැස්බෑව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














