• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ඉතා සාර්ථකව මුහුණ දෙයි – විදේශ කටයුතු ලේකම්

15 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාව මුහුණ දුන් බවත් චෝදනා වලට තර්කානුකුලව කරුණු ඉදිරිපත් කර ඒවා පැහැදිළි කරගැනීමට හැකිවූ බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ අභියෝග සහ ශ්‍රී ලංකාව” මැයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිෂෙල් බැෂලේගේ වත්මන් වාර්තාවේ වැඩි අවධානයක් යොමුව තිබුනේ යුධ සමයේ ඇතිවූ යැයි පැවසෙන මානව හිමිකම් කඩකිරීම් වෙනුවට නිදහස් රටක අභ්‍යන්තර දේශපාලනික කටයුතු පිළිබඳව බව ජයනාත් කොළඹගේ මහතා පැවසුවේය.

“මෙවැනි අභ්‍යන්තර කරුණු ගැන ඇසීමට කාර්යාලයට අයිතියක් පවතීද සහ එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට එකඟද යනුවෙන් අප විමසා සිටියා. රැස්වීම් රැසක් පවත්වමින් අපි විදේශ නියෝජිතයන් රැසකට මේ තත්වය පැහැදිලි කළා. රටවල් 31ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී කතා කළා. එහිදී ශ්‍රී ලාංකික නියෝජිත පිරිසේ ප්‍රධාන තර්කය වුයේ අභ්‍යන්තර කරුණු වලට මැදිහත් නොවන ලෙසයි. රටක යම් ක්‍රියාවක් සිදුකිරීමට සහ සාර්ථක වීමට එරටේ සහයෝගය අත්‍යවශ්‍යයි,” යනුවෙන් එතුමා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස මානව හිමිකම් කවුන්සිලයේ සභාපති සමඟ ද දීර්ඝ වශයෙන් සාකච්ජා පැවැත්වූ බවත් ඉන් යහපත් ප්‍රතිචාර ඇති බවත් එතුමා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවට මීළඟට ඇති අභියෝගය 2022 සැප්තැම්බර් හි පැවැත්වීමට නියමිත 51 සැසිවාරය බව සඳහන් කල විදේශ කටයුතු ලේකම් ජයනාත් කොළඹගේ මහතා, ඒ වෙනුවෙන් දින වකවානු සහිත නිසි සැලැස්මක් සකස්කර ගැනීමට අවශ්‍ය බවත් මේ සඳහා සිවිල් සමාජ, විද්වතුන් ඇතුළු සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව විදේශයන්හි විරෝධතා දක්වන්නේ LTTE මතවාදී සහ හිතවාදී ඉතා සුළු පිරිසක් බවත්, ඉන් ශ්‍රී ලංකාවට එතරම් බලපෑමක් නොමැති බවත්, කෙසේ වෙතත් ඔවුන්ද රටේ අභිවෘද්ධියට එක් කර ගත යුතු බවත්, සාකච්ජා මාර්ගයෙන් යම් ප්‍රගතියක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් විදේශ කටයුතු ලේකම්වරයා ප්‍රකාශ කළේය.

පසුගිය වසර දෙක හමාරට මෙන්ම විශේෂයෙන් පසුගිය මාස 6 තුළ ඇතිකරගත් පැහැදිළි ප්‍රගතිය පිළිබඳව සඳහන් කළ විදේශ කටයුතු ලේකම්වරයා, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය, LTTE හා සම්බන්ධ සිරකරුවන් 81 නිදහස් කිරීම, වින්දිතයන්ට වන්දි ගෙවීම වැනි සාධනීය පියවර රැසක් ගෙන ඇතිබව පෙන්වා දුන්නේය.

 

 

Post Views: 4
Previous Post

සජිත්ගේ පිල ජනාධීපති කාර්යාලයට අසලට

Next Post

ජනපති හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක්

editor

editor

Next Post

ජනපති හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved