මෙවර අලුත් අවුරුදු සමය ඉලක්ක කරගනිමින් රෙදිපිළි සහ උපාංග ආනයනය කිරීම සඳහා මෙම වසරේ මුල් මාස දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 49.3ක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ මෙය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 2.3ක වැඩිවීමක් බවයි. පසුගිය වසරේ (2025) මුල් මාස දෙකේදී රෙදිපිළි ආනයනය වෙනුවෙන් වැය වී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 48.2කි. ඒ අනුව ඉකුත් වසරට වඩා මෙවර ඩොලර් මිලියන 1.1ක අමතර වැයක් දරා තිබේ.














