උදාවීමට නියමිත සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අද (13) දිනයේත් ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට එක් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ පසුගිය 8 වනදා සිට ඊයේ (12) දක්වා කාලය තුළ මගීන් 230,000 කට ආසන්න පිරිසක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් ගම්බිම් බලා පිටත්ව ගොස් ඇති බවයි. ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නිසි පරිදි ක්‍රියාත්මක කර ඇති බවත් විශේෂයෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අමතර දුම්රිය යොදවා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.













