යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000කට අධික තොගයක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (30) ප්‍රකාශ කළේය. පවතින වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීම රජයේ අරමුණ බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
පොහොර තොග සඟවමින් හෝ නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කරමින් ගොවීන් පීඩාවට පත් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අනතුරු ඇඟවීය. මෙම පොහොර තොගය දිවයිනට පැමිණි වහාම ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා සාධාරණ මිලකට බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වේ.














