තායිලන්තයේ පැවැත්වෙන නැගී එන කාන්තා ක්‍රිකට් ආසියානු කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් හෙට (20) පිටියට පිවිසීමට නියමිතය. මෙම තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ ප්‍රබල ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන්ය.
තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ද හෙටම පැවැත්වීමට නියමිත අතර එහිදී බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් සහ පාකිස්තාන යොවුන් ක්‍රීඩිකාවන් එකිනෙකා හමුවේ තරග කරනු ඇත. මෙම අවසන් පූර්ව තරග දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක ලබන ඉරිදා (22) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනී.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මූලික වටයේදී දැක්වූ දක්ෂතා මත මෙම තරගයේදී ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ විශ්වාසය පළ කරති.














