මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ මහත්මිය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ලාංකිකයන් 350,000ක පමණ පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් තානාපති කාර්යාලය එරට විදේශ, ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ සමඟ අඛණ්ඩව සෘජු සම්බන්ධතා පවත්වාගෙන යනු ලබයි.
හදිසි අවශ්‍යතා සඳහා සහාය වීමට විශේෂ සේවාවක් සකස් කර ඇති අතර, ගමනාගමන, ආරක්ෂිත ස්ථාන සහ ගුවන්තොටුපොළ ප්‍රවේශ පිළිබඳ නවතම තොරතුරු තානාපති කාර්යාලයේ සහ ඩුබායි කොන්සියුලර් කාර්යාලයේ නිල ෆේස්බුක් (Facebook) පිටු හරහා නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කෙරේ.
දැනට එමීර් රාජ්‍යය හරහා හෝ එරටට සංචාරය කරමින් සිටින පිරිස් තම ගුවන් සමාගම හෝ සංචාරක නියෝජිතයා සමඟ නිරන්තර සම්බන්ධතාව පවත්වා ගත යුතු අතර, නිල නොවන තොරතුරු මත පදනම් නොවී රජයේ නිල පුවත් පමණක් විශ්වාස කරන ලෙස තානාපතිනිය අවධාරණය කරයි.















