තාක්ෂණයේ දියුණුවත් සමග ඇතිවන ක්‍රියාවලිය කිසිදු පාලනයකින් තොරව, විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය විනාශ වෙන තැනට ගමන් කරලා තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (24) දින පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයට එක්වෙමිනි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේ අදහස් පල කලේය “ අද රටටත්, අපේ ජාතියටත් අපේ සංස්කෘතියටත් වැදගත්වන පනතක් සම්මත වෙන දවසක්. මේ ගැන මං හිතන්නේ 2016 සිට වර්තමාන විරුද්ධ පාක්ෂයත් ආණ්ඩු පක්ෂයත් විටින් විට මේ පනත පාර්ලිමේන්තුවටත්, ඒ වගේම විවිධ අවස්ථාවල මුද්‍රණය කරමින් කල් යවමින් තිබුණා. කෙසේ හෝ අපේ ටිරාන් අලස් ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා මේ ගැන ඉදිරියේදිත් අවශ්‍ය කරන සංශෝධන සමග මේ පනත කඩිනමින් සම්මත කිරීම ගැන. නියෝජ්‍ය කථානායකතුමා ඉතා වැදගත් කථාවක් කළා. ඒ ගැන මම ඇහුම්කන් දුන්නා. එතුමා කිව්වේ සිංහල බෞද්ධ ජාතියට සිදුවන විනාශය ගැන. ලංකාවේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාල 17 යි. මේ 17 න් උතුරු නැගෙනහිර හැර අනෙක් විශ්වවිද්‍යාල පද්ධතිය එක විදියකටත්, උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල පද්ධතිය තව විදියකටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දැන් මේ තත්ත්වය තුළ තමයි නියෝජ්‍ය කථානායකතුමා කිව්වා වගේ ගමේ මරණ දැන්වීමක් එහෙම නැතිනම් ගමේ යම්කිසි ප්‍රකාශනයක් නිකුත් කරනකොට නීතියක් තිබුණා එහි යටින් සඳහන් කරන්න ඕන අසවල් පුද්ගලයා විසින් මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදී කියලා.
දැන් තාක්ෂණයේ දියුණුවත් සමග ඇතිවන ක්‍රියාවලිය කිසිදු පාලනයකින් තොරව, විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය විනාශ වෙන තැනට ගමන් කරලා තිබෙනවා. දැන් මේ ගමන් කිරීමේ අවසන් ප්‍රතිපලය දෙස බැලුවම අපි දෙපාර්ශවයම, මේ ගැන මං හිතන්නෙ පාර්ලිමේන්තුවක් හැටියට බෙදිලා කල්පනා කළ යුතු නැහැ. උදාහරණයක් හැටියට මේ පනත් රටවල් 194 න් රටවල් 137 ක ක්‍රියාත්මක වෙනවා. එතකොට රටවල් 137 ට ම ලෝකයේ ආධාර නොදෙන රටවල් නොවේ. අපි දැන් මෙය ක්‍රියාත්මක කරන්න ආරම්භ කරනවා. මේකෙ අඩුපාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැන මීට වඩා නීති පද්ධතියක් ඇතුල් විය යුතුව තිබෙනවා. එයත් මම හිතනවා ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයේ යහපත සඳහා ඉතා ඉක්මනින් සම්මත කළ යුතුව තිබෙනවා.
දැන් මේ පනත හරහා කිසිදු අයුරකින් භාෂණයේ නිදහසට කිසිදු බාධාවක් ඇතිවෙන්නෙ නෑ. මම උදාහරණයක් හැටියට ප්‍රකාශ කරන්න කැමතියි, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 – 1 (ආ) වගන්තිය අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුලුව අදහස් පල කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ වගන්තිය මම කියෙව්වේ. කෙසේ වුවත් මෙම භාෂනය හා ප්‍රකාශනය නිදහසට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් සීමාවන් පැනවීමක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 – 2 වගන්තිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 – 2 වගන්තිය අනුව දැකිය හැකි අතර, එම වගන්තින් පිළිවෙලින් අපි සියළු දෙනා අනුගමනය කළොත් හොඳයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාඅවේ 14 – 2 මෙසේ සඳහන් වෙනවා.
ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය හෝ මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස විශමාචාර හෝ අපරාධ වැළැක්වීම පිණිස ද සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිස ද පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිණිස ද, ඒ කියන්නේ අපි සියලු දෙනාගේ විනාශ කරන පෞද්ගලිකත්වය. ඒ වගේම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිණිස ද, අධිකරණයට අපහාස කිරීම වැළැක්වීම පිණිස ද පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශ්වාසය මත දැනුම් දෙන තොරතුරු හෙළිදරුව් කිරීම වැළැක්වීම පිණිස හෝ අධිකරණ බලය හා අපක්ෂපාතිත්වය පවත්වාගෙන යාම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍ය වන්නා වූ නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා හැර වෙනත් කවර හෝ සීමා කිරීමක් මේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති අයිතිවාසිකම් මත නොපැනවිය යුත්තේය.
දැන් ඒ අනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනත සම්බන්ධයෙන් අදාළ තීන්දු තීරණ ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ පළවන අනු ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේද, ක්‍රියාත්මක විය හැක්කේ ද, වාර්ගික හා ආගමික සහයෝගිතා තහවුරු කිරිම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද අධිකරණයට අපහාස කිරීහ හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාවලට යටත්වය. භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සීමා පැනවීම ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1998 දරණ මානව හිමිකම් පනතේ ද දැකිය හැකි අතර, එම වගන්තීන් පිළිවෙලින් මෙසේ ය. දැන් අපි ලෝකයේ අනිත් රටවල් අනුගමනය කරලා තිබෙන ක්‍රියාවලියම තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අනුගමනය කරමින් තිබෙන්නේ. ඒ නිසා ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි වගන්තිය.ත සියළු පුරවැසියන්ට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසේ අයිතිය ඇත. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වෙන පරිදිම ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 – 1 (ආ) යටතේ සඳහන් අයිතිවාසිකම් පවතින නීතියක් යටතේ හෝ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නව නීතියක් යටතේ ඉන්දියාවේ ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවයට ආරක්ෂාවට වෙනත් රටවල් හා පවතින මිතුරු සම්බන්ධතාවයන්ට මහජන සාමයේ විනීතභාවය හෝ සදාචාරය ආරක්ෂා කිරීමට හෝ අධිකරණයට අපහාස කිරීම වැළැක්වීම පුද්ගලයන්ට අපහාස කිරීමට හෝ අපරාධයක් සඳහා පෙළඹවීමක් වළක්වන නීතින් පැනවිය හැකිය.
එතකොට ශ්‍රී ලංකා ආණ්ඩුවත් එය කරනවා. ඉන්දියාවත් ඒ දේ කරනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් එය කරනවා. එය මෙසේයි. සියළු දෙනාට ප්‍රකාශනයේ නිදහස ඇත. මේ සඳහා මතවාද දැරීමේ නිදහස හා රජයේ මැදිහත් වීමකින් තොරව හා බාධාවකින් තොරව තොරතුරු ලබා ගැනීම හා බෙදා හැරීමේ නිදහස ඇතුළත් වේ. මේ වගන්තිය යටතේ රජය විසින් සියලු කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙනවා බ්‍රිතාන්‍යයයෙත්. ඒ වගේම මම කියන්න කැමතියි විශේෂයෙන් ආසියාවේ අපි ගත්තම සියලු රටවල් හැටියට කල්පනා කරලා බැලුවොත් තායිලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, කාම්බෝජය, සිංගප්පූරුව හා චීනය ඇතුළු මේ සියළු රටවල් ඒ රටේ සංස්කෘතියත්, ශිෂ්ටාචාරයත්, රටේ අනාගතයත් සුරක්ෂිත වන පරිදි අදාළ නීති රීති සම්මත කරගෙන තිබෙනවා. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නෙ නෑ. මම ඇහුම්කන් දුන්නා විපක්ෂ නායක තුමාගේ කතාවට. එහිදී සඳහන් වුණා Bench Hunting ගැන. මම ඒ ගැන වචනයක් නොකිව්වොත් මං හිතනවා එය මගේ අතින් සිදුවන වරදක් කියලා. මම දන්න නීතිය අනුව නඩුකාර මහත්වරුන්ට අයිතියක් තිබෙනවා ඒ අයගේ කැමැත්ත අනුව නඩුවකින් ඉවත්වෙන්නත්, නඩුව විභාග කරන්නත්. පැමිණිලිකරුවෙකුට අයිතියක් තිබෙනවා, පැමිණිලිකරුට හිතෙනවා නම් ඒ Bench එක තමාට සුදුසු නෑ කියලා, තමන්ගේ නීතීඥවරයා මාර්ගයෙන් ඉල්ලීමක් කරලා, තමන්ගේ ඒ සැක සංකා දුරුකර ගැනීමේ අයිතිය අධිකරණයත් ඒ වගේම පුරවැසියටත් එය සමානව තිබෙන කාරණයක් හැටියට සඳහන් කරමින් මේ කතාව ඉතුරු පිටු කිහිපය හැන්සාඩ් ගත කරන හැටියට ඉල්ලමින් නියෝජ්‍ය කතා නායක තුමනි මේක රටටත් , ජාතියටත්, අපේ ශිෂ්ටාචාරයටත්, ශ්‍රී ලාංකික අනාගතයටත් ඉතාම වැදගත් පනතක් හැටියට මම හිතනවා බෙදිමකින් තොරව සියළු දෙනාම මේ සඳහා සහයෝගය ලබා දිය යුතුයි ශ්‍රී ලංකාවේ ආසියාවේ බලවත් රටක් හැටියට දකින්න නම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.