ඊශ්‍රායලයේ උතුරු කලාපය ඉලක්ක කරගනිමින් හිස්බුල්ලා සංවිධානය එල්ල කරන මිසයිල ප්‍රහාර සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින්, එම ප්‍රදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සිය ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද (07) විශේෂ දැනුම්දීමක් සිදු කළේය.
විශේෂයෙන්ම හයිෆා (Haifa), නහරියා (Nahariya), අර්කෝ (Arko), ගැලීලි (Galilee), අෆුලා (Afula), කර්මෙල් (Carmel) කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශ, නාසරෙත් (Nazareth) සහ තිබෙරියා (Tiberias) යන නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මේ පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතුය. ලෙබනන් දේශසීමාව දෙසින් එල්ල විය හැකි ප්‍රහාරවලට අමතරව, රට අභ්‍යන්තරයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඇති විය හැකි ප්‍රකෝපාකාරී ක්‍රියාවන් පිළිබඳව ද අවධානයෙන් පසුවන ලෙස තානාපතිවරයා උපදෙස් දෙයි.
කෙසේ වෙතත්, ඉරානය දෙසින් එල්ල වන ප්‍රහාරවල යම් අඩුවක් දක්නට ලැබෙන බව ද තානාපති බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඕනෑම හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි ඇමතුම් අංශය සමඟ සම්බන්ධ වන ලෙස දන්වා සිටියි.















