• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය කඨින මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

14 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණ.

දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු දෙවන අවස්ථාව මෙය යි.

කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා; පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවස චාරිත්‍රයකි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී පූජ්‍ය ගල්ලැහැපිටියේ පේමරතන හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.

කඨින චීවරය පඬු පෙවීම, පඬු ගල්වනයට ඖෂධ එක් කිරීම හා පඬු බඳුන සඟ සතු කොට පූජා කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරනු ලැබිණ.

පඬු පෙවූ කඨින චීවරය ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමා විසින් පෙරහරින් වැඩම කරවා සඟ සතු කොට පූජා කරනු ලැබීය. දහවල් දානය පිළිගැන්වීම ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන් අතින් සිදු කෙරිණ.

කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරස්ථානයේ පූජා භූමි අක්තපත්‍රය බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කියවනු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් වයඹ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික තිස්සව රාජමහා විහාරාධිපති මුගුණුවටවන සිද්ධත්ත නාහිමියන්ට පිළිගැන්විණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “බුදුපුත් මාපිය හරසර” ජාතික වැඩපිළිවෙළේ සමාරම්භය සනිටුහන් කරමින්, සම්බුදු සසුනට කුල දරුවන් පූජා කළ දෙමව්පියන් හයදෙනෙකුට හැඳුනුම්පත් ලබාදීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

විහාර භූමියේ පිහිටි පුරාණ විෂ්ණු මහා දේවාලයේ වතාවත්වලට ද ජනාධිපතිවරයා එක් විය.

“බත් ගසට පණ දෙමු” මැයෙන් ගිනි වරකා පැළ ලක්ෂයක් දිවයින පුරා රෝපණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විහාර භූමියේ ගිනි වරකා පැළයක් රෝපණය කළේය. මෙම වැඩසටහනට සමගාමීව තෙවසරක් තුළ කොස් පැළ දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන ද ආරම්භ කෙරිණ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, ශාන්ත බණ්ඩාර, චරිත හේරත්, ඩයනා ගමගේ, සුමිත් උඩුකුඹුර, ජයරත්න හේරත් සහ දියවඩන නිලමේ නිලංග දෑල යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

අපගේ ඉදිරි ගමන රඳා පවතින්නේ ඩිජිටල්කරණය මතයි – ඇමැති නාමල්

Next Post

ඊලග ඡන්දයට නිදහස් පක්ෂය තනිවම සටනට

editor

editor

Next Post

ඊලග ඡන්දයට නිදහස් පක්ෂය තනිවම සටනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved