27 April 2024
#දේශීය

ඊලග ඡන්දයට නිදහස් පක්ෂය තනිවම සටනට

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ, තරුණ පෙරමුණ, ගොවි පෙරමුණ, ගුරු පෙරමුණ හා කාන්තා පෙරමුණ ඇතුළු දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන සදහා නව නිලධාරීන් පත් කර ගැනීම සිදු කෙරිණි.

 

තිසර සමල් – අනුරාධපුර

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *