• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දූෂණ විරෝධි පනත මේ වන කොට කෙටුම්පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ කියයි

30 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ සම්මුතියට අවශ්‍ය කරුණු සියල්ලම මෙම දුෂණ විරෝධි පනත සැදීම සඳහා යොමුකර තිබෙන අතර ප්‍රජාතන්ත්‍රවාදි රටක විනිවිදභාවයත්, දූෂණයෙන් තොර බවත් නිර්මාණය කිරීමට නොහැකි නම් අනෙකුත් සියලු කාරණා සංවර්ධනය කිරීමට සූදානම් වුවද එය සාර්ථක නොවන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා, “අපි අද දිනය වන විට මේ රටේ IMF ආයතන සමඟ සාකච්ඡා කරලා ජයග්‍රහණ ටික රටට ලබාදිලා මේ රටට යම්විදිහක සහන ලබාදෙන අවස්ථාවක් බවට පත්වෙලා තිබෙනවා. මේ රටේ 2022 අප්‍රේල් මාසය වන විට තිබුණු තැනයි අද වන විට මේ රට විශාල වෙනසකට ගෙනියන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා අපි පක්ෂයක් හැටියට කියපු දේ තමයි රටට, රටේ ජනතාවට අමාරු අවස්ථාවේ ‍අපි මෙය දාල යන්න සූදානම් කියලා. මොන බාධක ආවත් ඒ සියලුදේට මුහුණදිලා මේ රට නිවැරැදි තැනට ගෙනියන පණිවිඩය එදා අපි ලබා දුන්නා. පකිස්තානය වැනි රටවල් අදටත් IMF ජයග්‍රහණය ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා IMF ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරලා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අදහස් දැක්වීම සඳහා අවස්ථාව ලබාදුන්නා. නමුත් අපි දැක්කා මේ විවේචනය කරපු කණ්ඩායමකට, පුද්ගලයෙකුට මේ IMF එකට ගිහිල්ලා විසඳගන්නවා වෙනුවට වෙන විකල්පයක් තිබුණේ නෑ. එක පැත්තකින් තේරුම් ගන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ අපි කණ්ඩායම ගත්ත නිවැරදි තීන්දූවක්. අද නිවැරදි තීන්දුව ගත්තා වගේම මේ රටේ පළවැනි වතාවට උද්දමනය පහළට ඇවිත් තිබෙනවා. ඒ වගේම රුපියල ශක්තිමත් කරන්නත් පුළුවන්වෙලා තිබෙනවා. ඒ නිසා විශ්වාස කරනවා IMF එකේ ගෙන එන සමහර කොන්දේසී කාරණාව පිළිබඳව අපි රටක් හැටියට ක්‍රියාත්මක කළ යුතුයි. රජයක් විදිහට අපිට ව්‍යාපාර කරන්න පුළුවන් කමක් නෑ. අපි සිටින්නේ විශේෂයෙන් රටට අවශ්‍ය කරන නීති රිති ඒ වගේම රටට අවශ්‍ය දේශපාලන කාරණාවලට මැදිහත් වෙනවා වෙනුවට අපි ව්‍යාපාර කරන්න ගියොත් රට ගෙනියන්න පුළුවන්කමක් නෑ. දැන් පෙට්ට්‍රෝලියම් එක සම්පුර්ණයෙන් අලාභ ආයතනයක් ලෙස පහුගිය කාලය පුරාම ඇදගෙන ගියා. හැබැයි දැන් මේ වන කොට උත්සහ කරන්නේ පෙට්ට්‍රෝලියම් එකට තවත් ආයතන තුනක් තව සෙඩ් 150 ක් ගාණේ ලබාදෙන්න තෙල් සැපයුම සඳහා. හැබැයි සමහරු කියනවා සෙඩ් ටික විකුණනවා කියලා. ලෝකයේ ඉහළම තෙල් සැපයුම් කරන කණ්ඩායම් තුනක් ඇවිල්ලා මේ රටේ තෙල් සෙඩ් 150 බැඟින් සෙඩ් 450ට සැපයුම කරන්න ගියොත් මේ රටේ වෙළඳපොලේ ඇතිවෙන තරඟකාරීත්වය පිළිබඳව මොකක්ද තිබෙන ගැටලුව. ඒකේ අවසාන වාසිය වන්නේ කාටවත් නොවේ රටේ ජනතාවටයි. හැබැයි මේ වාසිය තමයි සමහර කණ්ඩායම් උත්සහ කරන්නේ. ඒ නිසා කවුරුහරි උත්සහ කරනවා නම් මේවට ඇවිල්ලා මර්ධනය කරන්න අපි කිසිසේත් ඒවට ඉඩ තියන්නේ නෑ. ඒ වගේම පහුගිය දිනවල මේවට මැදිහත් වන කණ්ඩායම් දැක්කා. අපි පුනුරුත්තාපන පනත ගෙනාවා. පුනුරුත්තාපනය කරන්න සූදානම් වූණේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිස. හැබැයි අපිට හෙට දවස වන කොට පුනුරුත්තාපනය කරන්න අවශ්‍ය වෙයි මහජනතාවගේ සම්පත් ටික දැක්කාම ගිනි තියන්න හැඟිම් එන, පාර්ලිමේන්තුව, විධායකයා සිටින තැන් ගිනි තියන්න හිතෙන පිරිස්. අපි ඒ සඳහා අනපනත් ගෙන්නත් පසුබට වෙන්නේ නෑ. රට හරිතැනට ගෙනියන්න ඕන නම් ඒකට අවශශ්‍ය නීති රිති ටික හැදිය යුතුමයි. වෘත්තිය සමිති සියලු දේවල්වලට සම්පූර්ණ නිදහස තිබෙනවා. හැබැයි ඒ වෘත්තිය සමිති විසින් කවුරුහරි ඇවිල්ලා රටේ සමස්ථ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම්, රටේ ජනතාව තලා පෙලා දානවානම් ඒකට අපි ඉඩතියන්නේ නෑ. ඒ වගේම දූෂණ විරෝධි පනත මේ වන කොට කෙටුම්පත් කරලා මේ වන කොට සියලුදේ අවසන් කරලා ගැසට් එකට ඉදිරිපත් කරලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සම්මුතියට අවශ්‍ය වන එහි තිබෙන කරුණු සියල්ලම මේ දුෂණ විරෝධි පනත හැදිම සඳහා අරගෙන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදි රටක විනිවිදභාවයක් දූෂණයෙන් තොර රටක් කියන ඒ තැනට යන්න බැරි නම් අනෙකුත් මොන කාරණා අපි සංවර්ධනය කරන්න හැදුවත් අපි සාර්ථක වෙන්නේ නෑ. අපිට පුළුවන්කම තිබෙනවා පාලනය වැඩි විනිවිදභාවයක් ඇතිව වඩාත් නිවැරදි විදිහට මේ රටේ පරිපාලනය ගෙනියන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ඊලඟට තිබෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපේ ගරු මන්ත්‍රිතුමන්ලාගේ සියලුදෙනාගේ අදහසුත් අරගෙන මෙය සම්මත කරලා ඉතිහාසයේ ගෙනාපු වඩාත් සුදුසුම දූෂණ විරෝධි පනත හැටියට මේ පනත හදුන්වන්න පුළුවන්. ” යැයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

මාතලේ සුනඛ ගහනය පාලනයට වන්ධ්‍යාකරණ වැඩසටහනක්

Next Post

රටට අවශ්‍ය නිවැරදි න්‍යාය පිළිබඳ විපක්ෂ නායක සජිත් විද්වතුන්ට හමුවේ හෙළි කරයි

editor

editor

Next Post

රටට අවශ්‍ය නිවැරදි න්‍යාය පිළිබඳ විපක්ෂ නායක සජිත් විද්වතුන්ට හමුවේ හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved