27 April 2024
#දේශීය

මාතලේ සුනඛ ගහනය පාලනයට වන්ධ්‍යාකරණ වැඩසටහනක්

මාතලේ නගරයේ සුනඛ ගහනය අඩු කිරිම සදහා සුනඛයින් වන්ධ්‍යාකරණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

කොමසාරිස්වරයා කියා සිටියේ මාතලේ නගරයේ සුනඛයින් වැඩිවි ඇති අතර ජනතාවගෙන් නිරත්නතරයෙන් පැමිණිලි ලැබෙන බවත් විවිධ අවස්ථාවලදි ජනතාව සපා කැම් හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද හෙතෙම පැවසිය.

ඇතැම් නිවෙස් හිමියන් නිවාසවල ඇති කරන සුනඛයින්ගේ පැටවුන් ඉවක් බවක් නොමැතිව මාර්ග ආසන්නයට ගෙනවිත් දමන බවත් එසේ සිදු නොකරන ලෙස නාගරික ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසිය.

මාතලේ නගර සිමාවේ මෙම තත්වය පාලනය කිරිම සදහා කොට්ඨාශ මට්ටමින් අදාළ වන්ධ්‍යාකරණ වැඩසටහන් පැවැත්විමට නාගරික‍ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එම්.රිස්වාන් මහතා ඇතුලු නාගරික සෞඛ්‍ය වෛද්‍ය අංශය අවශ්‍ය පියවර ගෙන ඇති බවද මාදුවගේ මහතා වැඩිදුටරත් පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *