• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය ඇමති දුමින්ද ආඩියාගල නිවසකට විදුලි අලෝකය ලබා දෙයි

7 December 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආඩියාගල ගම්මානයේ දරුවන් පස් දෙනෙකුගේ ජීවිත ආලොක්මත් කරමින් “ සැමට විදුලිය “ ව්‍යාපෘතිය යටතේ සමෘද්ධිලාභී නිවසකට නොමිලේ විදුලි සම්බන්ධතාවය ලබා දීම සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආඩියාගල නම් අතිදුෂ්කර ගම්මානයේ පදිංචි එච්.ඩබ්ලිව් චමින්ද නිරෝෂන් හා එම්.එම් විමලා කාන්ති ජයරත්න යන දෙමාපියන් හා දරුවන් පස් දෙනා පදිංචි නිවසට මෙලෙස නොමිලේ විදුලි සම්බන්ධතාව ලබා දීම සිදු කෙරිණි.

මේ සඳහා රුපියල් ලක්ෂ 03 ක පමණ වියදමක් රජය විසින් දරා ඇතැයි කැකිරාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය පවසයි.

චමින්ද නිරෝෂන් මහතා කුලී වැඩ කර, බිරිඳ හා සිය දරුවන් පස් දෙනා රැක බලා ගන්නා අතර, ඔවුන් මීට පෙර ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ආඩියාගලට පැමිණ මෙම නිවස යුධ හමුදා නිළධාරියකුගේ දායකත්වය මත ඉදි කර ගෙන වසරක පමණ කාළයක් එහි පදිංචිව සිටිති.වසරකට ආසන්න කාළයක් ඔවුන් විදුලිය ලබා ගත නොහැකිව කුප්පි ලාම්පු එළියෙන් අදුර මකාගෙන සිට ඇත්තේ, නිවසට විදුලිය ලබා ගැනීමට කිලෝ මීටරයක් පමණ දුරක් විදුලි රැහැන් ඇදීමට විදුලි කණු සඳහා දායකත්ව මුදලට විශාල මුදලක් වැය වීම දරා ගත නොහැකිකම හේතුවෙනි.
වත්මන් රජයේ සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ, විදුලි කණු නොමිලේ ලබා දීම යටතේ හා සමෘද්ධිලාභින්ට නොමිලේ විදුලිය ලබා දීම යටතේ මෙම නිවසට සම්පූර්ණයෙන්ම නොමිලේ විදුලිය ලබා දීම සිදු කෙරිණි.

නිවසට විදුලි සම්බන්ධතාව ලබා දීමෙන් අනතුරුව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් එම නිවසේ දරුවන්ගේ සුරතින් එම නිවසේ පළමු වරට විදුලි බුබුලක් දැල්වීම සිදු විය.එම අවස්ථාවේ දරුවන්ගේ මුහුණු වල සතුට විදුලි ආලෝකයෙන් අපට දැක ගැනීමට හැකි විය. එම දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජංගම දුරකථනයක්ද අමාත්‍යයවරයා ඔවුන් වෙත පරිත්‍යාග කරනු ලැබීය.

එහිදී මාධ්‍යය වෙත අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, ” අපිට පුලුවන්කම ලැබිලා තියෙනවා මේ වෙන කොට ලංකාවට 100% ක්ම විදුලිය ලබා දීමේ ඉලක්කය සපුරාලීම සඳහා ගමන් කරන්න,මේ වන විට තවත් විශාල ප්‍රමාණයක් ඉතිරි වෙලා නෑ විදුලිය ලබා දෙන්න.අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 7000-8000 ක ප්‍රමාණයක් තිබුණා විදුලිය නොමැති නිවාස.ඒකෙන් 50% ක් පමණ මේ වන විට ලබා දී අවසන්, සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ අපේ බලාපොරොත්තුව තියෙන්නේ 2021 වර්ෂය අවසාන වන විට 100% ක්ම මෙරට සියලුම නිවාස වලට විදුලිය ලබා දීම.එතනදී අපේ ප්‍රථිපත්තිය වෙලා තියෙන්නේ ඒ අය විදුලිය ගත්තත් නොගත්තත්, ආණ්ඩුවක් විදිහට රජයක් විදිහට. නිවසක් තියෙනවා නම් ඒ සියලු දෙනාටම විදුලිය ලබා ගැනීමේ හැකියාව අපි ලබා දිය යුතුයි.ඒ අනුව සෑම නිවසක් ඉදිරිපිටම විදුලි කණුවක් සවි කිරීම තමයි ආණ්ඩුවේ ප්‍රථිපත්තිය වෙලා තියෙන්නේ.ඒ සඳහා යම් මුදලක් පමණයි විදුලි බල මණ්ඩලය දැරුවේ, දැන් ඒ සීමාව ඉවත් කරලා ආණ්ඩුවේ වගකීම නිවසකට විදුලිය ලබා ගැනීමේ හැකියාව ඇති වෙන විදිහට විදුලි කණුව ගේ ඉස්සරහා හයි කරන එක තමයි ආණ්ඩුවේ නව ප්‍රථිපත්තිය වෙලා තියෙන්නේ,අපේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ 2021 වර්ෂය අවසන් වෙන කොට ලංකාවේ ජීවත් වෙන සෑම කෙනෙකුටම සම්බන්ධතා ගාස්තුව පමණක් ගෙවලා විදුලිය ලබා ගැනීමේ පහසුකම ඇති කිරිම, ඊට අමතරව සැමට විදුලිය යටතේ සමෘද්ධීලාභීන්ට ණය මුදලක් ලබා දුන්නා, ඒ වගේම ඉදිරියේදී අපි සමහර ව්‍යාපාරික ආයතන වලට තෙකලා කර ගැනීමේ අපහසුතා තියෙනවා.මේ අදියරෙන් පසුව සියලු ව්‍යාපාරිකයන් සඳහාත් තෙකලා විදුලිය ලබා දෙන්න අවශ්‍යය කරන කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.සාමාන්‍යය ක්‍රමයෙන් විදුලිය ගෙන යාමේදී විශාල පිරිවැයක් දරන්න සිදු වෙන ගම්මාන වලට සූර්ය බලයෙන් විදුලි ආලෝකය ලබා දෙනවා.එවැනි හදුනා ගත් ගම්මාන 03 කට විදුලිය ලබා දීමට අවශ්‍යය කටයුතු මේ වන විට සිදු වෙනවා.ඒ වැනි තවත් ගම්මාන තිබුණොත් ඒවාටත් විදුලිය ලබා දීමට අවශ්‍යය කටයුතු සිදු කර මේ රට 100% ක් ම විදුලිය තියෙන රටක් බවට පත් කිරීම තමයි අපේ අරමුණ.මෙම නිවසට විදුලිය ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 03 ක් පමණ වැය කරලා විදුලිය ලබා දුන්නේ, ජනතාවගෙන් කිසිදු මුදලක් අය නොකර ආණ්ඩුවෙන් මෙම මුදල වැය කරලා තමයි සැමට විදුලිය ව්‍යාපෘතියෙන් විදුලිය ලබා දීම සිදු කරන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට විදුලි බල මණ්ඩල නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 8
Previous Post

වැටුප දහසකින් වැඩි කරන්නැයි වෘත්ති සමිති 50 ක් හෙට ලෙඩ නිවාඩු දමයි

Next Post

අගමැතිකම බැසිල්ට හෝ රනිල්ට දෙන්න මෙතෙක් සාකච්ඡා වෙලා නෑ – කැබිනට් ප්‍රකාශක

editor

editor

Next Post

අගමැතිකම බැසිල්ට හෝ රනිල්ට දෙන්න මෙතෙක් සාකච්ඡා වෙලා නෑ - කැබිනට් ප්‍රකාශක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෑලියගොඩ තවත් ඝාතනයක්

පෑලියගොඩ තවත් ඝාතනයක්

20 August 2025
අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !

අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !

20 August 2025
බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

20 August 2025
අද වැස්ස කොහොමද?

අද වැස්ස කොහොමද?

20 August 2025

Recent News

පෑලියගොඩ තවත් ඝාතනයක්

පෑලියගොඩ තවත් ඝාතනයක්

20 August 2025
අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !

අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !

20 August 2025
බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

20 August 2025
අද වැස්ස කොහොමද?

අද වැස්ස කොහොමද?

20 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෑලියගොඩ තවත් ඝාතනයක්

පෑලියගොඩ තවත් ඝාතනයක්

20 August 2025
අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !

අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !

20 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved