27 April 2024
#දේශීය

අගමැතිකම බැසිල්ට හෝ රනිල්ට දෙන්න මෙතෙක් සාකච්ඡා වෙලා නෑ – කැබිනට් ප්‍රකාශක

අග්‍රාමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට මෙතෙක් සාකච්ඡාවක් වී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් වී නොමැති බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *