අනුරාධපුර මහවිලච්චිය යාය 04 කරඹගොල්ලෑව ගම්මානය ඇතුළු ගම්මානයන්ට පවතින වන අලි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලෙස අලිවැටට ආරක්ෂක මුරකුටි ඉඳි කර සිවිල් ආරක්ෂක නිළධාරීන් යොදවා වන අලින් ගම්වැදීම පාලනයට පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.
අනුරාධපුර, මහවිලච්චිය, යාය 04 ප්‍රදේශය ඇතුලු ගම්මාන රැසකට වන අලින් නිරන්තරයෙන් පැමිණ වගාවන්ට මෙන්ම නිවාස හා දේපළ වලට නිරන්තරයෙන් හානි සිදු කරන බැවින් ඒ සඳහා විසදුමක් ලබා දෙන ලෙස ගම්වාසීන් කළ ඉල්ලීමකට අනුව රාජ්‍ය අමාත්‍යවරයා දුමින්ද දිසානායක මහතා අලිවැට අසල ආරක්ෂක කුටි ඉදි කර ඒවායේ සිවිල් ආරක්ෂක නිළධාරීන් යොදවා රාත්‍රී කාළයේ අලි ගම්වැදීම පාලනය කර දීමට අවශ්‍යය කටයුතු කර දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.ඒ අනුව අලිවැට සඳහා යොදවා සිටින නිළධාරීන් අලිවැට ආරක්ෂක කුටි වලට යොදවා වන අලි ගම්වැදීම පාලනය කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.රාත්‍රී කාළයේ වන අලින් ගම්වදින අවස්ථාවේදී එම නිළධාරීන් අලිවෙඩි යොදා වන අලි එළවා දැමීම මගින් ගම්වැදීම පාලනය වන බව ගම්වාසීන් පැවසීය.නැතහොත් වන අලින් අලි වැටද කඩා දමා ගම්වදින බව ගම්වාසීන් පෙන්වා දුන්හ.
ඒ අනුව මුරකුටි කීපයක් ඉදි කර ආදර්ශනයක් ලෙස අලි ගම්වැදීම පාලනයට අවශ්‍යය කටයුතු සිදු කෙරුණ අතර, අමාත්‍යයවරයා පසුගියදා එය නිරීක්ෂණය කර ගම්වාසීන් සමඟ සාකච්ජාවක නිරත වූහ.
එහිදී ගම්වාසීන් පෙන්වා දුන්නේ වන අලින් ගම්වැදීම පාලනයට අලිවැට අසල ආරක්ෂක කුටි ඉදි කර ඒවායේ සිවිල් ආරක්ෂක නිළධාරීන් යෙදවීම මගින් ඉතාම සාර්ථක බවයි.නැතහොත් නිරන්තරයෙන් වන අලින් ගම්වැදී තම වගාවන්ට විශාල හානී සිදු විය හැකි බවද ගම්වාසීන් පෙන්වා දුන්හ.
ඒ අනුව අමාත්‍යයවරයා නිළධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ මහවිලච්චිය ප්‍රදේශයේ වන අලි තර්ජිත ගම්මානයන්ගේ අලිවැට අසල අවශ්‍යය දුරින් ආරක්ෂක මුරකුටි ඉදි කර සිවිල් ආරක්ෂක නිළධාරීන් ඒවාට යොදවා වන අලින් ගම්වැදීම පාලනය කිරීමට පියවර ගන්නා ලෙස පැවසීය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,” අනුරාධපුරයේ අපිට වන අලින්ගෙන් විශාල ප්‍රශ්න තියෙනවා,ඒ අනුව ගමේ උදවිය ඉල්ලීමක් කළා, අලි වැට ආරක්ෂා කරනවා වගේම, අපි පුලුවන්නම් මේ අලි වැටට ආරක්ෂක මුරකුටි ටිකක් ඉදි කරලා, ඒකට සිවිල් ආරක්ෂක නිළධාරීන් ටිකක් දැම්මොත් පුලුවන් වෙයි අලි ගම්වදින එක වලක්වා ගන්න.ඒ අනුව අපි ඒ කටයුත්ත කළා.ගමේ උදවිය කියන්නේ ඒක සාර්ථකයි කියන එක.ඒත් එක්කම තවත් අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි ප්‍රදේශ වලටත් මේ වගේම ආරක්ෂක මුරකුටි හදලා ඒවගේ රාජකාරී දැම්මම ගම ඇතුළට වෙන වෙන තැන්වලින් දැම්මම මේක බේරගන්න පුලුවන් වෙයි කියන කාරණාව, ඉදිරියේදී ඒ සඳහා අවශ්‍යය කටයුතු කරනවා යැයි පැවසීය.
මෙම අවස්ථාවට විලච්චිය තම්බියාව සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානාධිපති සුනිල් ජයරත්න, විලච්චිය බලකා භාර ජේෂ්ඨ නියාමක ජයලත් ධර්මතිලක,විලච්චිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මළලසේකර මහතා ඇතුළු ගම්වාසීන් සහභාගී වූහ.
තිසර සමල් – අනුරාධපුර