27 April 2024
#දේශීය

දේව පිළිම මහ මඟ දමා ගොස් තිබියදි හමුවෙයි

රත්තොට රිවස්ටන් මාර්ගයේ දන්කන්ද ප්‍රදේශයේ දි දේව පිළිම කිහිපයක් මාර්ගයේ දමා ගොස් තිබි ඊයේ(10)දා හමුවු බව පොලිසිය පවසයි.

මෙම පිළිම පොහොර බැග්වල දමා ගොස් ඇති බවට ප්‍රදේශවාසින් විසින් ප්‍රථමයෙන් දැක ඇති අතර ඒ පිළිබදව පොලිසියට දැන්වා ඇති අතර ප්‍රදේශවාසින් විසින් මෙම මාර්ගයේ පුද පුජා පවත්වන ස්ථානයක මෙම පිළිම තැන්පත් කර ඇති බව ගම්වාසිහු කියයි.

මෙම දේව පිළිම මෙම ස්ථානයට රැගෙන ආවේ කෙසේද යන්න පිළිබදව පරික්ෂණ පවත්වන බවත් ලග්ගල ප්‍රදේශයෙන් මෙසේ රැගෙන ඇති බවට මුලික පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවද පොලිසිය කියයි.

පරික්ෂණවලදි අනාවරණය වි ඇති අන්දමට එක් දේව පිළියමක් මැටියෙන් හා අනෙක් පිළිමය රිදි වැනි දෙයකින් ආලේප කර ඇති බවත් පෞරාණික වටිනාකමින් යුත් ඒවාද යන්න පිළිබදව වැඩිදුර පරික්ෂණ බවද පොලිසිය කියයි.

රත්තොට පොලිස් ස්ථානාධිපති පො.ප හර්බට් ද සිල්වා මහතාගේ මෙහෙයවිමෙන් නිලධාරින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *