• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාලක පක්ෂයක් විදිහ ගත යුතු පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය හේරත් කියයි

1 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද ආර්ථික ගැටලු බහුලව පවතින අතර ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් වෙනුවෙන් රජයට ලොකු වගකීමක් දරන්නට සිදුව ඇති බවත් පාලක පක්ෂයක් වශයෙන් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ වගකීම ඉටුකිරීමට දැඩි උත්සහයක යෙදෙන බව රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා, “රටක් හැටියට ගත්තාම මාධ්‍ය ආයතනවලට විශාල කාර්යභාර්යයක් ඉටුකරන්න සිදුවෙලා තිබෙන වෙලාවක්. අපේ රටේ මහජනතාව කවදාවත් නැති තරම් මාධ්‍ය ආයතනත් එක්ක ඇහුකම් දිලා ගණදෙනු කරන ස්වභාවයක් දකිනවා. මාධ්‍යයට ලොකු වගකීමක් තිබෙනවා රට පවතින තත්වයත් එක්ක නිවැරදිව මාධ්‍යයේ යුතුකම වගකීම ඉටුකරීමින් පුරවැසියන් රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙයන් පෙලගැස්වීම උදෙසා යථාර්තවාදිව කටයුතු කිරීමේ වගකිමක් තිබෙනවා. වර්තමානය ගත්තාම රටක් හැටියට රටේ ජනතාව විවිධ මතවාදයන් සමඟ කටයුතු කරනවා. අවුරුද 70 ගණනක මේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමවේදය තුළ රට වර්තමානයේ පවත්වෙලා තිබෙන පසුබිමත් එක්ක මහජනතාව මුහුණදිලා තිබෙන ගැටලුවලට අපි මේ කාලවකවානුව තුළ ගන්නා ඕන ක්‍රියාමාර්ග මොනවාද කියලා පාලක පක්ෂයක් විදිහට සැලකිල්ලට අරගෙන තිබෙනවා. අද ආර්ථික ගැටලු තිබෙනවා. ඒ වගේම ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් වෙනුවෙන් අපිට ලොකු වගකීමක් දරන්න සිදු වුණා. එවන් පසුබිමක් තුළ එක පැත්තකින් පාලක පක්ෂයක් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ වගකීම ඉටුකිරීමට බරපතල උත්සහයක් දරනවා. තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ලබා දෙන්න ක්‍රියාවට නංවලා තිබෙනවා. අනික් අතින් ගත්තාම විපක්ෂයේ කාර්යභාර්යය ද මේ වෙලාවේ යොමුවිය යුතුයි. නමුත් කබලෙන් ලිපට වැටිච්ච ජනතාව භාවිතා කරලා හුදෙක් දේශපාලන අරමුණු වෙනුවෙන් විපක්ෂය ජනතාව පෙළගස්වන උත්සහයක් දරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ පාලන තන්ත්‍රණයට පත්වෙන කොට බදු සහන විශාල ප්‍රමාණයක් දුන්නා. ඒ අවස්ථාවේ විපක්ෂය ලංකාවේ ආණ්ඩුව බදු සහන ලබාදෙන එක වැරදියි කියලා එහෙම කතා කරපු ඔවුන් රටේ පැවැත්ම වෙනුවෙන් විවිධ බදු ක්‍රියාමාර්ග ගන්නකොට දැන් ඊට එරෙහි වෙනවා. විපක්ෂයේ කාර්යය භාර්යය ඔවුන් පවතින තත්වය තුළ හැම එකක්ම භාවිතා කරලා ආණ්ඩුව පෙරලන්න සහ මහජන මතය වෙනස් කරන්න උත්සහ කිරීම නොවෙයි. ලෝක දියුණු රටවල විශාල බදු ගැසීමක් සිදු කරනවා. ඒ වගේ තත්වයක් ගත්තාම අපේ රට තුළ බදු පැනවීම ක්‍රියාවලියට රාජ්‍ය සේවකයෝ එකතුවෙලා තිබෙනවා. මහජන නියෝජිතයන්ටද ඒ විදිහටම ඒ බදු ගැසීමක් කරලා තිබෙනවා. 225ට කියලා වෙනසක් නෑ. සියලුදෙනාම මේ තත්වයට පත් කරලා තිබෙනවා. විපක්ෂය උත්සහ කරන්නේ පවතින තත්වය එක්ක මජනතාව භාවිතා කරලා ඔවුන්ගේ දේශපාලන අරමුණු කරා ලන්වෙන්න. ඒ කණ්ඩායම කියනවා හොරු , මහජන දේපල මංකොල්ලකාපු පිරිසක් ඉන්නවා, ඒ අයව පලවා හරින්න ඕන කියලා. තව කොටසක් කියනවා මේ රටේ ම්ලේච්ඡ දේශපාලනයක් නිර්මාණය කරපු පිරිස පාලන තන්ත්‍රයට හවුල් කරගන්න හොඳ නෑ කියලා. මගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ දේශපාලන පක්ෂවලට මේ චෝදනා දෙකෙන්ම කාටත් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ. මේ අවස්ථාවේ කියන්නේ පාලක පක්ෂය හැටියට අපි හැමදෙනාම එකතුවෙලා අතිත වැරදි වෙන දේවල් එ්වා නොවෙනවිදිහට ගණුදෙනු බේරගන්න ඉඩකඩ දෙමු. රට ගොඩනග වැඩපිළිවෙලට පක්ෂ පාඨ භේයකින් තොරව එකතුවෙලා දායක වෙන්න අවශ්‍යයි. පහුගිය මාසයේ සංචාරකයෝ විශාල ප්‍රමාණයක් පැමිණෙන්න පටන් අරගෙන තිබෙනවා. දැන් සංචාරය කරන්න පුළුවන් රටක් විදිහට පරිවර්තනය වෙලා. අද රට තුළ සුබවාදි ආකල්පයක් නිර්මාණය කරලා තිබෙනවා. නමුත් විපක්ෂය උත්සහ දරනවා මේ අවස්ථාවේදී කෘතිම විදිහට මහජන විරෝධතාවයක් නිර්මානය කරන්න. ඒ හැම එකකින්ම ඔවුන් ජනතාව පෙල ගස්වන්නේ අනාගතයේ ඔවුන්ගේ ස්වකීය ආණ්ඩුවක් හැදිමේ අරමුණ වෙනුවෙන් ජනතාව අරගලයට පොළඹවලා ඔවුන්ගේ පටු දේශපාලනය වුවමනාවන් ඉටු කර ගැනීමයි. ඒ නිසා මේ අවස්ථාවේදී නැවතවතාවක් කියන්නේ හැම දෙනාම එකතුවෙලා රට ගොඩනගන්න වැඩපිළිවෙළකට ගිහිල්ලා මැතිවරණයක් තියන්න ඕන අවස්ථාවක මැතිවරණයක් තියලා එතනින් එහාට යන්න පුළුවන්. ඒ නිසා මෙවන් පසුබිමක් තුළ රටේ පවතින තත්වය පිළිබඳ නිවැරදි විග්‍රාහයක් විශේෂයෙන් මාධ්‍යවේදීන් හැටියට ඔබතුමාලා ක්‍රියාත්මක කරන වැඩපිළවෙල අපි අගය කරනවා. පාලක පක්ෂය සහ විපක්ෂයේ කාර්යභාර්යය කොයි විදිහට ඉටුකරන්නේ කියන කාරණාව පිළිබඳව ජනතාවට ඔබතුමාලා ලබාදෙන පණිවිඩයත් එක්ක අපි විශ්වාස කරනවා මහජනතාව හරි මතයකට ‍ගේන්න පුළුවන් වේවි කියලා.”යැයි මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

“The Coconut Tree” ආපනශාලා ජාලය ශ්‍රී ලංකාවට පැමිණේ

Next Post

ඉන්දුනීසියා- ශ්‍රී ලංකා වෙළඳ සබඳතා ඉහළ නැංවීමට වරණීය වෙළෙඳ ගිවිසුමක් – අගමැති මාධ්‍ය

editor

editor

Next Post

ඉන්දුනීසියා- ශ්‍රී ලංකා වෙළඳ සබඳතා ඉහළ නැංවීමට වරණීය වෙළෙඳ ගිවිසුමක් - අගමැති මාධ්‍ය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved