වෛද්‍ය රසායනාගාර සේවාවට කුඩම්මාගේ සැලකිලි කර ඩෙංගු මරණ සහ සංකූලතා අඩු කර ගැනීමට නොහැකි වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ඔහු කියා සිටියේ ඩෙංගු පාලනය කිරීමට නම් ඩෙංගු රෝගීන් නිවැරදිව හඳුනා ගැනීමට අත්‍යවශ්‍ය බවයි.
එසේම ඊට අදාල පරීක්ෂණ කලට වේලාවට ලබා දීය යුතු අතර එසේ නොමැති වුවහොත් අනුමාන රෝගීන් පවා රෝහල් ගත කිරීමට සිදු වන බව හෙතෙම පැවසිය. එවැනි දේ සිදුවුවහොත් රෝගින් වෙනුවෙන් දරන්නට සිදුවන වියදම දස ගුණයකින් වැඩි වන බවයි. එය රෝගීන්ට බරපතල අවධානමක් බව කුමුදේශ් මහතා අවධාරණය කලේය.
ඩෙංගු ප්‍රතිදේහ ජනක සහ ඩෙංගු ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය සම්පූර්ණ රුධිර පරීක්ෂණ දෙකම විනාඩි 20කින් දිය හැකියාව තිබෙනවා. නමුත් ඊට අදාල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් 300ක් පමණ ඉන්නවා පත් වීම් ලබා දීම සදහා සුදුසුකම් ලැබූ නමුත් ඔවුන්ට පත්විම් ලිපි ලබා දී නොමැති බව කුමුදේශ් මහතා අනාවරණ කලේය. එයට හේතුව වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මුදල් අමාත්‍යාංශය පත්වීම් ලබා දිම එක තහනම් කර ඇති බවද ඔහු අනාවරණ කලේය.