27 April 2024
#දේශීය

ඕමාන් ආයෝජකයාගේ ආරක්ෂාව තහවුරු කරනවා – මහජන ආරක්ෂක ඇමති ටිරාන්

ඕමාන් ආයෝජකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට වග බලාගන්නා බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඕමාන ජාතික කටාන ඇඟලුම්හල් ආයෝජක කල්ෆාන් සෙයිඩ් ඔබේදාන්, කළමනාකරණ නියෝජිත යසීර් ලහීර් යන මහත්වරු සමග ඊයේ (9) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදිය.

මෙහිදී ටිරාන් අලස් මහතා ඕමාන් ආයෝජකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට වග බලාගන්නා බවට පොරොන්දු විය.තවද මෙම සිද්ධිය සම්බන්ධව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවත් ආයෝජකයාගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට උපදෙස් ජනාධිපතිවරයාගෙන් ලැබුණු බවද මෙහිදී ටිරාන් අලස් මහතා ඕමාන් ජාතික ආයෝජකයාට දැනුම් දුන්නේය.

තම ආරක්ෂාව තහවුරු කිරීම පිලිබඳව හා මෙම සිදුවීම කෙරෙහි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීම පිළිබඳව සිය ස්තුතිය පුද කරන බව ඕමාන ජාතික ආයෝජකයා පැවසීය.

ශ්‍රී ලංකාව හැරනොයන බව තීරණය අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග පැවති සාකච්ඡාවෙන් පසු තීරණය කලබව ආයෝජකයා අවධාරණය කලේය.

තවද කිසිවිටකත් ශ්‍රීලංකාව හැර නොයන බවට සහතික වනබවත් මෙම ඇගලුම් කර්මාන්තශාලාව කටාන ප්‍රදේශයේම පවත්වාගෙන යනවාද නැතිනම් වෙනත් ප්‍රදේශයකට ගෙනයනවාද යන්න පිලිබදව තම පවුල සමග සකච්ඡා කර තීරණය කරන බවත් ආයෝජකයා ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *