• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

උඩ ගල් දෙබොක්ක ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමට කටයුතු කරනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

21 February 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උඩ ගල් දෙබොක්ක ගම්මානයේ ජනතාව හුදෙකලා බවින් මුදවමින් ඔවුන් ගෙවන අති දුෂ්කර ජීවිතයට තිත තබමින් එම ගම්වැසියන් සියලු දෙනා වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීම කෙරෙහි ජනපතිවරයාගේ අවධානය යොමු කරවන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙතෙක් විදුලිය ලබා දී නොමැති ගම්මාන වෙත විදුලි අවශ්‍යතා සපයා දීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිළධාරීන් පිරිසක් මෙම ගම්මානය වෙත පසුගියදා ගිය අවස්ථාවේදිය.

ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටර ගණනක් මහ වන මැද ගමන් කර මෙම ගම්මානයට පිවිසියේ ඉතා දුෂ්කර මඟක් ගෙවමින්ය.

මෙම මාර්ගයේ වන අලින්, වලසුන් මෙම ගම්වැසියන්ට නිරන්තරයෙන් හමු වන බවද ගම්වාසීන් පවසති.මෙම ගම්මානයේ නිවාස කටු මැටියෙන් ඉදි කර ඇති අතර, පවුල් 36 ක් පමණ මෙම ගම්මානයේ බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවති.

මෙම ගම්වැසියන් කුප්පි ලාම්පු එළියෙන් අඳුර මකා ගන්නා අතර, මෙම ගම්මානයේ කිසිදු නිවසක විදුලි උපකරණයක් නැත්තේ මෙම ගම්මානයට තවමත් විදුලිය ලැබී නැති නිසාවෙනි.රූපවාහිනිය, ජංගම දුරකථන, රේඩියෝ ඇතුළු බොහෝ නව තාක්ෂණික උපකරණ මෙම ගම්වැසියන්ට ආගන්තුක දේ වී ඇත.උදෑසන සිට හවස් වන තුරු මහ පොළවත් සමඟ සටන් කර ලබා ගන්නා අස්වැන්නෙන් මේ ගම්මානයේ සියල්ලෝම ජීවිතය සරි කර ගනිති.වැසි දියෙන් පමණක් වගා කරන මෙම ගම්වැසියන් එම අස්වැන්න, කැලෑවෙන් කඩා ගන්නා කොස්, පොලොස් හා දෙල් මෙන්ම කිතුල් පැණි, කිතුල් හකුරුද දුෂ්කර මාර්ගය ඔස්සේ කර මතින් රැගෙන විත් නගරයට විකුණා ලබා ගන්නා මුදලින් තම නිවසට අවශ්‍ය අඩුම කුඩුමද නගරයෙන් රැගෙන නැවතත් නිවෙස් වලට යන බව පවසයි.කඳු මුදුනේ සිට ඇඳ හැලෙන දිය දහරින් පානීය ජල අවශ්‍යතා මෙන්ම අනෙකුත් අවශ්‍යතාද සපුරා ගනිති.

පසුගිය කාලයේ ගොඩ හේන් වගා කල තම ගම්වැසියන් දස දෙනෙකුට කැලෑ හෙළි පෙහෙලි කිරීමේ චෝදනාවට වනසංරක්ෂණ නිලධාරීන් විසින් නඩු පැවරූ බවත්. ඒ හේතුවෙන් දැන් තමන්ට වගා බිම්ද අහිමි වෙමින් පවතින බවත් ගම් වැසියන් පැවසූහ.

එහිදී රාජ්‍ය අමාත්‍යයවරයා ගම්වාසීන් සමඟ සාකච්ජා පැවැත්වීය.එහිදී ගම්වාසීන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ විදුලිය හා මාර්ගය පිළිසකර කර දෙන ලෙසයි, නැතහොත් වගා කිරිමට ඉඩමක් සමඟ නිවසක් වෙනත් ප්‍රදේශයකින් ලබා දෙන්නේ නම් , තම දුෂ්කර ජීවිතයට සමු දීමට හෙට වුණත් සූදානම් බවද ගම්වැසියන් පැවසීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම ගම්මානයට කිලෝ මීටර ගණනක් විදුලිය හා මාර්ගය ලබා දීම වෙනුවෙන් රජයට විශාල වියදමක් මෙන්ම හා ඒ සඳහා කාළයක් ගත වෙනවා .ඒ අනුව මෙම ගම්මානයේ සියලු පවුල් සඳහා පහසුකම් සහිත ප්‍රදේශයකින් නිවසක් ඉඳි කර, ගොඩින් හා මඩින් වගාවට ඉඩම් ලබා දීම රජයට මෙන්ම ගම්වාසීන්ටද පහසුවක් වන බවයි.ඒ අනුව එසේ ඉඩමක් ලබා දුන්නොත් යන්න කැමතිදැයි ගම්වාසීන්ගෙන් විමසා සිටියේය.

අපි කැමතියි, එහෙම නම් පැටව් ටිකත් අරගෙන අපි එනවා, එහෙම දෙන්න පුලුවන් නම් පිංසිද්ධ වෙනවා, අපි විදින්නේ දුක විතරයි, උදේම කඩේට අවාම හැන්දෑවේ 06 වෙනවා ගෙදර යන කොට , අපිටත් පහසුකම් තියෙන පැත්තකින් මඩින් හරි ගොඩින් හරි වගා ඉඩමක් එක්ක පදිංචි වෙන්න ඉඩමක් දුන්නා නම් අපි එන්න ලෑස්තියි. එහෙම කරන්න බැරි නම් ලයිට් ටික දීලා , පාරයි හදලා දෙන්න යැයි ඉල්ලා සිටියහ.

මේ පාර හදන්න කෝටි 09 ක් යනවා නම්, ලයිට් දෙන්න කෝටි 03 ක් විතර යනවා නම් ඒ සල්ලි වලින් ඔයාලට වෙන තැනක ඉඩම් දීලා, ගෙවල් හදලා දෙන එක වටිනවා.අපිට මේ ගමට ලයිට් දෙන්න බැරි කමක් නෑ, හැබැයි ලයිට් දුන්නා කියලා ඉතුරු ප්‍රශ්න විසදෙන්නේ නෑ, හැම ප්‍රශ්නයක්ම විසදන්නයි අවශ්‍යය යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අපි කපරාරු කරපු ගෙයක නිදා ගෙනවත් නෑ, අපේ ගෙවල් වල ගොම මැටි ගාලා තියෙන්නේ, අපිට නැතත් අපේ දරුවෙක් හරි කපරාරු කරපු ගෙදරක ඉන්නවා දකින්න ආසයි ඒ නිසා අපිට වෙන කොහෙන් හරි ඉඩම් දීලා ගෙවල් හදලා දෙන්න යැයි ඉල්ලා සිටියහ.අපේ දරුවෝ සමාජයට භයයි, එයාලා සමාජයට ඇවිත් නෑ, ගමේම තියෙන ඉස්කෝලෙට යන්නේ, ඉස්කෝලේ උගන්වන්නෙත් ගමේම අය, පිට අය දකින කොට ගොඩක් භයයි එයාලා.අවුරුදු 17 වුණ ගමන් ගමේම කෙනෙක් බඳිනවා. යැයි පැවසීය.

එම ගම්මානයේ පාසල් දරුවන් වෙත අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට පහසුව සඳහා සූර්ය විදුලි පැනල පද්ධති හා පාසල් උපකරණත්, ගම්මානයේ සියලු පවුල් වෙත වියළි සලාක මල්ලක් ප්‍රදානය කිරීමත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සුරතින් සිදු කෙරිණි.

තම ගම්මානයට පැමිණ තමන් ගෙවන ජීවිතය දැක කුප්පි ලාම්පුවෙන් ඉගෙනුම ලැබූ තම දරුවන්ට සූර්ය පැනල ලබා දීම, අධ්‍යාපන උපකරණ පිරිනැමීම හා ගම්වාසීන්ට ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් ගම්වාසීන් තුති පුද කළ අතර, එහිදී අමාත්‍යයවරයා කියා සිටියේ මේ ගමට විදුලිය දෙනවාට වඩා වැඩක් කරන්න තියෙනවා කියලා මේ ගමට ආවම මට දැනුනා,ඒ නිසා මේ ගමේ සියලු ප්‍රශ්න වට විසදුමක් විදිහට ජනාධිපතිතුමා සමඟ සාකච්ජා කරලා අක්කර 05 ක ඉඩමක් සමඟින් නිවසක් ඉදි කර දීමට අවධානය යොමු කරන බවද පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 2
Previous Post

ජනතා සහන කප්පාදු කිරීමට ආණ්ඩුව සුදානම් නෑ – රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

Next Post

වැරදි තීරණ ගත්තු අය ප්‍රජා අයිතිය අහෝසි වෙයි කියලා කලබල වෙලා -අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

editor

editor

Next Post

වැරදි තීරණ ගත්තු අය ප්‍රජා අයිතිය අහෝසි වෙයි කියලා කලබල වෙලා -අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved