27 April 2024
#දේශීය

වැරදි තීරණ ගත්තු අය ප්‍රජා අයිතිය අහෝසි වෙයි කියලා කලබල වෙලා -අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

ප්‍රජා අයිතිය අහෝසි කරන්න කවුරු හරි තීන්දු තීරණ අරගෙන තිබෙනවා නම් වැරදි කරපු අය බය වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය තීන්දු තීරණ ප්‍රයෝගිකව, කාර්යක්ෂමව ඉටුවෙනවාද යන්න සොයා බැලීමත් පසු විපරම් සහිතව එවා ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට දිස්ත්‍රික් 25 තුල පිහිටුවා ඇති ජීවනෝපාය සංවර්ධන කමිටුවේ කුරුණෑගල දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදිය.

මෙම රැස්වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ විසින් හයිඩ් පිටියේදී සංවිධානය කර තිබූ විරෝධතා රැලියේදී දේශපාලන පලිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමට උත්සහ කරන බවට කල චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා “ එදා නීතිවිරෝධීව කටයුතු කල අය මේ වෙද්දි බය වෙලා එහෙම හිතනවාද දන්නේ නැහැ. ප්‍රජා අයිතිය අහෝසි කරන්න කවුරු හරි තීන්දු තීරණ අරගෙන තිබෙනවා නම් වැරදි කරපු අය බය වෙලා ඇති. එදා යහපාලන රජය නීත්‍යානුකුල නොවන අයුරින් FCID එක හැදුවයි කියන එක අපි අමතක කරන්න හොද නැහැ. ඒකෙන් පසුගිය යහපාලන අවුරුදු 5 තුල අපේ දේශපාලන නායකත්වයට දස වද දුන්නා. ඒක අපි කාටවත් අමතක කරන්න බැහැ. මාව දවස් 76ක් නිකරුනේ සිරගත කලා. නින්දා අපහස කලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දරුවෝ දෙන්නව සිරගත කලා. බැසිල් රාජපක්ෂ මැතිතුමාව සිරගත කලා. ඒ වගේම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අළුත්ගමගේ යන අයව නිකරුනේ සිරගත කලා. මේ වගේ කී දෙනෙක්ව යහපාලන යුගය තුල නිකරුනේ සිරගත කරලා වද දුන්නාද? ඒවා ගැන දැන් කලබල වෙන්න හොද නැහැ. ඒවා නිවැරදිව කරලා තිබෙනවා නම් කිසිම කෙනෙක් කලබල විය යුතු නැහැ. තමන්ගේ හෘදසාක්ෂියට අනුව වැරදි තීරණ ගත්තු අය තමයි අද කලබල වෙලා තිබෙන්නේ.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, සමෘධි ගෘහ ආර්ථික ක්ෂද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඩී.බී.හේරත්, කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණපාල රත්නසේකර, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි විය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *