• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය සම්පූර්ණයෙන් අවසන් කිරීමට පියවර – රජය

23 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට පියවර ගෙන ඇති බව රජය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අද (23) දිනය තුළ භුමිතෙල් බවුසර් 74 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර පෞද්ගලික අංශයේ පිරවුම්හල් 49 ක්, සමූපකාර පිරවුම්හල 18 ක් සහ වෙනත් පිරවුම්හල් 07 කින් ඔවුන් වෙත අඛණ්ඩව භුමිතෙල් බෙදාහැරීම සිදු කරන බවය.

අනුමැතිය ලබා දී ඇති නමුත් මුදල් නොගෙවීම හේතුවෙන් ඊයේ (22) දිනයේ භුමිතෙල් නිකුත් කර නැති සියලුම පිරවුම්හල් වෙත අද (23) දිනයේ දී භුමිතෙල් නිකුත් කිරීමට උපදෙස් දී ඇති බව ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

තවද මේ දක්වා භුමිතෙල් බෙදීම සිදු නොකළ සමූපකාර පිරවුම්හල් 18ක් මගින් ද භුමිතෙල් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර පළාත් සමූපකාර කොමසාරිස්වරුන් හා ලේකම්වරුන්ගේ නිර්දේශ මත අවශ්‍ය මූල්‍ය පහසුකම් සමූපකාර ග්‍රාමීය බැංකු මගින් ලබා දී ඇති බවත් ඔහු පවසයි.

ධීවර ප්‍රජාව වෙත ඉන්ධන බෙදා හැරීම පිළිබඳ අධීක්ෂණය හා මෙහෙයවීම ඊයේ (22) සිට පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දිසාපතිවරු වෙත පවරා ඇති බවත්, ඒ අනුව හෙට( 24) වන විට ධීවරයින් වෙත භුමිතෙල් සැපයීම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇති බවටත් කීර්ති තෙන්නකෝන් මහතා විශ්වාසය පළ කළේය.

වත්තල හැඳල, බේරුවල (ධිවර වරාය), හැඳළ විජේසිංහ, ගාල්ල, අහුන්ගල්ල, තංගල්ල, නොරොච්චෝල, පුත්තලම, හලාවත වැල්ල, හලාවත අලුත්වත්ත, වැල්වැටිතුරේ, පුදුකුඩුඉරිප්පු, කයිට්ස්, ගුරුනගර්, තලයාඩි, මයිලෙඩ්ඩි, කලවංචිකුඩි ඇතුළු ස්ථාන රැසකට භුමිතෙල් බවුසර් තොග 28ක් ඊයේ (22) දිනයේදී නිකුත් කර තිබුණි.

මීට අමතරව ධීවර දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ධීවර වරාය 14 ක ද භුමිතෙල් හා ඩීසල් ඉන්ධන ධීවරයින් වෙත නිකුත් කිරීම අඛණ්ඩව සිදු කෙරේ.

එසේම ධීවරයින්ගේ අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීමේ වගකීම නොවැම්බර් 22 වන දින සිට දකුණ, බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චි, මුලතීව්, ත්‍රිකුණාමය, මඩකළපුව සහ අම්පාර දිසාපතිවරුන් මගින් ද, ධීවර දෙපාර්තමේන්තුව මගින් ද ධීවරයින්ගේ ඉන්ධන අවශ්‍යතා විමසා බලනු ලැබේ.

ධීවර කටයුතු සඳහා ඉන්ධන ලබා ගැනීමේ දුෂ්කරතාවක් පවතී නම් ධීවර සමිති හා ව්‍යාපාරිකයින්ට අදාළ දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා හෝ පළාත් ප්‍රධාන ලේකම්, සමූපකාර ලේකම් වෙත ඉල්ලීම් යොමු කරන ලෙස ජනාධිපති ප්‍රජා කටයුතු අංශය වැඩි දුරටත් දැනුම් දී තිබේ.

Post Views: 0
Previous Post

පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ .. මං ඒකාධිපතියෙක් – ජනාධිපති රනිල්

Next Post

රටෙන් වෙන දේට වඩා තමන්ට රටට කළ හැකි දේ ගැන හිතන්නැයි අගමැති කියයි

editor

editor

Next Post

රටෙන් වෙන දේට වඩා තමන්ට රටට කළ හැකි දේ ගැන හිතන්නැයි අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

20 June 2025
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved