• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුරයට හා වවුනියාවට අලුතින් විදුලිවැට කිහිපයක් ඉදිකිරීමට පියවර

12 July 2023
in දේශීය

අනුරාධපුර හා වව්නියාව වනජීවී කලාප වල අලිවැට ඉදිකිරීම සම්බන්ධ සාකච්ජාවක් පැවැත්විණි.

ඒ අනුරාධපුර මහදිසාපති ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.

අනුරාධපුර වනජීවි කලාපයේ අලිවැට පහක් සහ වව්වනියාව වනජීවි කලාපයේ අලිවැට දෙකක් ඉදිකිරීමට නියමිතයි. අලි වැට ඉදිකරීමට ගිවිසුම්ගත සමාගම් සහ අනෙකුත් රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය සහ පැවති ගැටළු නිරාකරණය කරගැනීම අද දින පැවැත් වූ සාකච්ජාවේ ප්‍රධාන අරමුණ විය.

එහි දී අදහස් දැක්වූ අනුරාධපුර මහ දිසාපති ජනක ජයසුන්දර මහතා සඳහන් කළේ වර්ෂා කාලයට පෙර සියලු ඉදිකිරීම් කර අවසන් කරන ලෙසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි ආරක්ෂක එම්. රත්නසිරි පෙරේරා මහතා ඉදිරිපත් කළ තොරතුරු අනුව 2021 වසරේ වනඅලි පහරදීම් තුළින් පුද්ගලයන් 32 ක් ද 2022 වසරේ පුද්ගලයන් 37 ක් ද, 2023 වසරේ ජූලි මස වන තෙක් පුද්ගලයන් 18 දෙනෙකු ද ජීවිතක්ෂයට පත් වී ඇත. එමෙන්ම 2021 වසරේ වන අලි මරණ 78 ක් ද, 2022 වසරේ 84 ක් ද, 2023 වසරේ ජූලි වන තෙක් 46 ක් ද වශයෙන් වාර්තාවී තිබේ. වන අලි මරණ මෙන්ම මිනිස් ජීවිත හානි ද වර්ෂයක් පාසා ඉහළ ගොස් ඇති අන්දම එම දත්ත වලින් පෙනී යයි.

අනුරාධපුර වනජීවි කලාපයේ කිරල්පැටියාව – ඔයාමඩුව හා ඔයාමඩුව – ඊට්ටිකුලම (කි.මි 50), කිව්ලේකඩ -වන්නම්කුලම (කි.මි 104) , වේලන්ගහඋල්පත- කිවුලේකඩ (කි.මි 61), කුඹුක්වැව – මඩවල / මඩවල-එප්පාවල හා එප්පාවල – කුඹුක්වැව (කි.මි 41), නල්ලමුදාව – සංඝට්ටාව (කි.මි 16) යන ප්‍රදේශවල අලිවැට ඉදිකිරීමට නියමිතයි.

වව්විනියාව වනජීවි කලාපයේ බාලයාවැව 2 කණුව ,2 කණුව- කුඹුක්වැව හා ගල්කුලම – බාලයාවැව (කි.මි 40.3) , අරුණගම – දංගොල්ල හා ග්‍රේවල්කන්ද (කි.මි 30.5) යන ප්‍රදේශවල අලිවැට ඉදිකිරීමට නියමිතයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව අනුරාධපුර කලාපයේ වනඅලි තර්ජන උග්‍ර වීමට හේතුන් වන්නේ මෙම කලාපයේ පිරිමි සතුන්ගේ අනුපාතය ඉහළ යාම, ස්ථාවර ජල මූලාශ්‍ර පැවතීම, රක්ෂිතවලින් පරිබාහිර අලි මංකඩ පැවතීමයි. මෙම තත්ත්වය කළමණාකරණය කිරීම සඳහා යොජනා වූ ප්‍රමුඛ වැඩ පිළිවෙල වූයේ අලිවැට ඉදිකිරීමයි. ඒ අනුව දැවකණු භාවිතා කිරීම, දැවකණු සහ අර්ත් බට භාවිතා කිරීම, එල්ලලෙන විදුලිවැට භාවිතා කිරීම සිදු වේ. ඒ අනුව විදුලි වැට ඉදිකිරීමේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම විදුලි වැට ඉදි වීමට නියිමිතයි.

වෝල්ටීයතාව කි.වො 10 නොඉක්මවීම, සතුන්ට හානි කරවන විදුලිය නොයෙදවීම, සතුන්ට මානසික කම්පනයක් නොවන අයුරින් ඉදිකිරීම, පාරම්පරික ගමන්මාර්ග අවහිර නොවන අයුරින් ඉදි කිරීම වැනි නිර්ණායක අනුව විදුලිවැට ඉදි කෙරෙනු ඇති.

සාකච්ජාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සන්ධ්‍යා එන්.ජී අබේසේකර මහත්මිය, කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.ඩී මැදිවක මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකරී යූ.එස් .අරුණ රවී මහතා , දිස්ත්‍රික් ඉංජිනේරු එම්.ටී.පී දිල්හානි මිය, ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් චමින්ද ඒකනායක මහතා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඩබි.එම්.කේ.එස් චන්ද්‍රරත්න මහතා, ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම කොන්ත්‍රාත් සමාගම් හි නියෝජිතයන් ද සහභාගී වී සිටියහ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 20
Previous Post

ගලෙන්බිදුනුවැව ජනතාවගේ මුදල් වංචා කල බවට පවසමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක

Next Post

රත්තොට ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වෙලා … මියන් ගැරඩින් ජල මාර්ගයේ

editor

editor

Next Post

රත්තොට ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වෙලා ... මියන් ගැරඩින් ජල මාර්ගයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved