27 April 2024
#දේශීය

රත්තොට ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වෙලා … මියන් ගැරඩින් ජල මාර්ගයේ

රත්තොට ප්‍රාදේශයේ පවුල් දෙදහසකට අධිකපිරිසකට පානය ජලය සපයන ජල ටැංකි සහ ජල මාර්ග නිසි ලෙස නඩත්තු සිදු නොකිරිම හේතුවෙන් අපවිත්‍ර වි ඇති නිසා ජනතාව දැඩි අපහුසතාවයට පත්ව සිටින බව ප්‍රදේශවාසිහු පවසති.

රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කන්දේනුවර,අල්වත්ත,වැටැස්යාය,නෙළුවාකන්ද,බෝගම්බර යන ගම්මානවල ජනතාව සදහා ජලය බෙදාහරින ප්‍රධාන ජල ටැංකිය වෙත ජලය රැගෙන එන ජල මාර්ග මෙසේ අපවිත්‍ර විම නිසා ජනතාව දදැඩි ලෙස අපහුසාතවයට පත්ව සිටියි.

ජලය රැගෙන එන මාර්ගවලට සතුන්ගේ මළ අපද්‍රව්‍ය සහ මැරි වැටුණු මියන්.ගැරඩින් වැනි සතුන්ගේ ශරිර කොටස්ද මෙම ජල මාර්ගවලට එකතුවන බවත් නිසි නඩත්තුවක් නොමැති කමින් මෙම තත්වය උදාවි ඇති බව ගම්වාසිහු කියයි.

ප්‍රදේශවාසින් මේ පිළිබදව රත්තොට සම්බන්ධිකරණ කමිටු සභාපති/ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා වෙත දැන්විමෙන් පසු ඒ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සිසිල් නිශ්ශංක ,රත්තොට ප්‍රාදේශිය සභා ලේකම් ජිවන්ති මංචනායක යන මහත්ම මහත්මින් ජල ව්‍යාපෘතියයේ නිලධාරින් ඇතුලු පිරිසක් විසින් එම ස්ථානය නිරික්ෂනය කිරිම සිදු කළහ.

මෙහිදි අදාළ නිලධාරින් ඇතුලු පිරිස සහ ප්‍රජා මුල සංවිධානවල නියෝජිතයින් කියා සිටියේ කඩිනමින් අදාළ ජල මාර්ග සකස් කර ජනතාවට වඩාත් හොද පිරිසිදු පානිය ජලය ලබා දිම සදහා අවශ්‍ය සැම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *