• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමිය කඩිනම් සංවර්ධනයට පියවර – අගමැති

10 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා ඊයේ (09) දින පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාව අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ රාජ්‍ය නිලධාරින් වෙත මේ බව දැනුම් දුන්නේය.

සොළොස්මස්ථාන පූජා භූමිය විදුලියෙන් ආලෝකමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක මහනුවර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරාධිපති හා පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශ්‍රාස්ත්‍රපති අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියෝ පෙන්වා දුන්හ.

ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා වෙත දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා ලබන වසරේ මැයි මාසයේ සිට පූජා භූමිය ආලෝකකරණයේ විදුලි බිල මධ්‍යම සංස්කෘතික අරමුදලින් ගෙවන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාට උපදෙස් දුන්නේය.

දෙස් විදෙස් සංචාරකයන්ට සහ වන්දනාකරුවන්ට පූජා භූමිය තුළ පහසුවෙන් ගමන් කිරීමට හැකිවන ලෙස පූජා භූමිය ඇතුළත මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් දෙමින් අග්‍රාමාත්‍යවරයා පූජා භූමි සංවර්ධන සැළසුම කෙරෙහි සිය විශේෂ අවධානය යොමු කළේය.

මනම්පිටියේ වැලි ගොඩදැමීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යටතේ ඇති අරමුදලට ලැබෙන ආදායමෙන් යම් කොටසක් පූජා භූමි සංවර්ධනයට ලබාදෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාට දැනුම් දුන්නේය.

පූජා භූමියේ සිදුකරන ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ සහය ලබාදෙන ලෙස මෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළහ.

ඉදිරියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඉදිරි වසර 05 සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් ශ්‍රී ලංකාවේ පූජා භූමි සංවර්ධනයට ලැබෙන බැවින් එම මුදලින් යම් කොටසක් සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු සඳහා යොදනබව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනෙරත් මහතා මෙහිදී දැනුම් දුන්නේය.

පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු සඳහා මුල පිරුවේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාව සිටියදී බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය ආණ්ඩු කාලයේ ඒ සියලු කටයුතු නැවතී තිබුණු බව සඳහන් කළේය.

සොළොස්මස්ථාන පූජා භූමියේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු අධික්ෂණය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මෙහි දී උපදෙස් දුන්නේය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, මහනුවර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරාධිපති, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශ්‍රාස්ත්‍රපති අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමි සහ පොළොන්නරුව ගල්විහාර භාරකාර පූජ්‍ය කන්දනැටියේ අත්ථදස්සී හිමි මෙහි වැඩමකර සිටියහ.

මෙම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන්වන රොෂාන් රණසිංහ, විදුර වික්‍රමනායක, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ, පොළොන්නරුව මහා නගර සභාවේ නගරාධිපති චානක සිදත් රණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අමාත්‍යාංශ ලේකම්වරුන්වන මහාචාර්ය කපිල ගුණවර්ධන, ආර්.ඩබ්ලිව්. ආර්. පේමසිරි, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි, විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, පූජා භූමි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ටී.ආර්. විතාන, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) එන්.ආර්. ළමාහේවා, ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එච්.ගාමිණි හේවගේ මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

Post Views: 1
Previous Post

රට බලවත් අගාධයකට තල්ලු වී යමින් ඇති බව විපක්ෂනායක කියයි

Next Post

2022 අයවැය තෙවනවර කියවීම සම්මතයි

editor

editor

Next Post

2022 අයවැය තෙවනවර කියවීම සම්මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved