• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා – ජනපති

24 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (23) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කියා සිටියේය “අද මෙම අවස්ථාවට සහභාගීවීම පිළිබඳ සියලු මාධ්‍ය හිතවතුන්ට මම ස්තූතිවන්ත වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම පිළිබඳ ඔබව දැනුවත් කිරීමට මෙම අවස්ථාවට එක්වන ලෙස මම ඔබගෙන් ඉලීමක් කළා. අපි මීට වසරකට පෙර බංකොලොත් රටක් බවට පත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අපේ ණය හිමියන්ගේ සහයෝගය ඇතිව අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපට සිදු වූ පළමු අවස්ථාව මෙයයි. මෙය ආරම්භය පමණයි. IMF සහයෝගය පිළිබඳ මූල්‍ය සහතිකය ලැබීමෙන් පසු අපේ රට තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස සලකන්නේ නැහැ. දැන් අපි මීළඟ අදියරට යා යුතුයි. ඒ අපගේ සියලුම ණය හිමියන් එනම් බහුපාර්ශ්වික ණය හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමයි. පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම වඩාත් දුෂ්කරයි. නමුත් අපි ආපසු හැරී නොබලා විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා යුතුයි. එබැවින් මෙය අවසානය නොවෙයි. එක් අතකින් ආරම්භය පමණයි. අපි ඊළඟට ණය දෙන්නන් සමඟ ද සාකච්ඡා කළයුතුයි. ණය හිමියන් සමඟ සාකච්ඡා කරන අතරම, අපට වසර හතරක වැඩසටහනක් ද තිබෙනවා. ඒ නිසා තමයි මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවේ මේ ගිවිසුම සඳහා මට අනුමැතිය ලබා දෙන්න කියලා. එය නීතියෙන් කිරීමට මට අවශ්‍ය නැහැ. නමුත් මෙම ගිවිසුම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම අපිව තවත් ශක්තිමත් කරනවා. ජනතාව ඒ සඳහා දැනටමත් ඡන්දය ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ගිවිසුමේ ඇතුළත් මූලධර්මය රට පිළිගෙන ඇති බව ණය හිමියන්ට පෙන්වීමට අවශ්‍ය වෙනවා. එබැවින් පළමුව, එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වන නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පමණක් සීමා නොවී එය අපගේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් බවට පත්කරගත යුතුයි. පළමුව, අපට මූල්‍ය ස්ථාවරත්වයක් තිබෙනවා. අපි මෙම ක්‍රියාවලිය හරහා අපගේ ආදායම වැඩිකරගත යුතුයි. මෙය ඉතා දුෂ්කර යුගයක් වන අතර අපි රජයේ වියදම් ස්ථාවර කරගත යුතුයි. මන්ද එය රජයේ වියදම්වල ස්වභාවය සහ අපට ඇති ආදායම විස්තර කරන නිසයි. අපේ ඉලක්කය වන්නේ රජයේ අයවැය වඩාත් හොඳින් පාලනය කිරීමයි. නමුත් මෙය අපට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කිරීම හා ආදායම් වැඩි කිරීමක් තහවුරු කරනවා. අප විසින් සිදු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් අපට ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වන බව අප මතක තබා ගත යුතුයි. අපි විවිධ ආයෝජන ක්ෂේත්‍ර, නිෂ්පාදන සඳහා අමතර විදේශ ආයෝජන පිළිබඳව ද සොයා බලමින් සිටිනවා. එයින් අදහස් වන්නේ අප ඉදිරියටම යා යුතු බවයි. දෙවනුව කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සිදු කළයුතුයි. තෙවනුව ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළයුතුයි. සංචාරක කර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය නිසැකවම වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම සිදු කළ යුතුයි. ඒ තුළින් අපිට නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට හැකි වෙනවා.
මගේ අරමුණ තවත් වසර 25කින් ඒ කියන්නේ 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කිරීමයි. එකතැන පල් වූ ආර්ථිකයක් සමඟ අපට ඉදිරියට යා නොහැකියි. අපේ රටේ සිදු වූ සියලු ගැටලු මේ ප්‍රශ්නයට සම්බන්ධ බව අප සිහිතබා ගත යුතුයි. 1971 දී විරැකියාව සම්බන්ධව මතු වූ ගැටලුව මෙන්ම, 1983 භාෂාව පමණක් නොව, දෙමළ තරුණයින්ට රැකියාවක් නොතිබීම නිසා ගැටලු මතු වුණා. 1989 දී ද සිදු වුයේ එයයි. අපට ඕනෑවට වඩා ප්‍රශ්න තිබුණා. ආර්ථික වර්ධනයක් නොමැතිකම හා අස්ථාවරත්වය හමුවේ ලේ වැගිරීම් සිදු වුණා. දැන් අපිට අලුතින් පටන් ගැනීමට අවස්ථාව තිබෙනවා. එය ඓතිහාසික ක්‍රියාවලියක්. මම ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවා. මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ඕනෑම අවස්ථාවක නිලධාරින් සමග කතා කර දැනගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වන්නේ මෙම ගිවිසුම සමග අප ඉදිරියට යනවාද, නැද්ද කියන කරුණ සමග බව අමතක නොකළ යුතුයි. අප එසේ නොකළහොත් අනාගත පරපුර අපට ශාප කරාවි. එබැවින් අපගේ ආර්ථිකය තුළ මෙම දීර්ඝකාලීන වෙනස්කම් සිදු කරමින් සියලුදෙනාගේ ජීවිත පහසු කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. අපි පළමු කාර්යය ලෙස මෙම ගිවිසුම අනුමත කරලා, ඊළඟට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යමු. ණය ගෙවන විදිහ දැන ගන්න පුළුවන් වෙන්නෙ ඊට පසුව තමයි. අපේ වැඩසටහන් අවසන් කරලා නැහැ. ඇයි අවසන් කළේ නැත්තෙ? ඒක දේශපාලනයට යටවුණා. එහෙම නැත්නම් ජනමතයට යට වුණා. ජනමතය ඇති කළේ ජනමාධ්‍යයයි. මේ වතාවේ මෙම වැඩසටහන සාර්ථක කර ගන්න මාධ්‍යයේ සහාය ලබා දෙන්න. එපමණක් නොවෙයි එම්සීසී ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට යන විට ඇතැම් පාර්ශ්ව එමගින් රට බෙදන බවට චෝදනා කළා. අයිඑම්එෆ් එන විට කිව්වා අපි බටහිරට යටත් වෙනවා කියලා. ඉතිං මේ විදියට කරගෙන යන්න අමාරුයි. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 17 වැනි වැඩසටහන සාර්ථක කර ගැනීමට එක් වෙන්න කියලා මාධ්‍යවලින් ඉල්ලා සිටියේ. මේ ක්‍රියාවලිය ඉතාම දුෂ්කරයි. අපි හැම දෙනාටම එය දැනෙනවා. මෙය අවුරුදු හතරක ක්‍රියාවලියක්. එය 2026 දී අවසන් වෙනවා. මගෙත් එක්ක ගොඩක් දුරගිය අය, මගේ ප්‍රතිපත්ති හරි කිව්ව අයත් දැන් මට විරුද්ධව කතා කරනවා. ඉතිං විරුද්ධව හිටපු අය එකතු වෙන එක පුදුම විය යුතු දෙයක් නොවෙයි. අපි එකක් මතක තියා ගත යුතුයි. අපි දැන් අමාරු තැනක ඉන්නෙ. පරණ සෙල්ලම් ආයේ කරන්න බැහැ. පරණ සෙල්ලම් දැම්මොත් ආයෙත් වැටෙනවා. ඒ නිසා අතීතය අමතක කර අපි ඉදිරියට යමු. අපි හැමෝම වැරදි කළා. දැන්වත් මේ සමඟ එකඟ වෙලා අපට සහාය ලබා දෙන්න. මේ ලැබුණු මුදල් අරගෙන මේ මාසේ පඩි ගෙවනවා. ඒක හොරකම් කිරීමක් නෙමෙයි. හොරකම් කියන කතාව නිසානෙ මේවා නැති වුණේ. එවැනි කතා පතුරවන්න එපා. ඔය කියන අය මීට වඩා හොරකම් කරනවා. ඔය ඉන්න අයට වඩා මගේ වැටුප අඩුයි. අපි ආකල්ප වෙනස් කරගත යුතුයි.
මං ආවේ හොරු ආරක්ෂා කරන්නයි කියලා චෝදනා කළා. නමුත් අපි අයිඑම්එෆ් සමඟ සාකච්ඡා කර දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ගෙන එනවා. විපක්ෂය කෑ ගැහුවට කිසිවක් ගෙනාවේ නැහැ. අධිකරණ ඇමැති මේ ගැන විපක්ෂය සමගත් සාකච්ඡා කරයි. අප මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සෑම පක්ෂයකම සහාය ලබා ගන්නයි. කාටවත්ම මේකට විරුද්ධ වෙන්නත් බැහැ. අලුත් නීති කිහිපක් ගෙන ඒමටත් තිබෙනවා. නව පියවර ගණනාවක් අපි අරන් තිබෙනවා. මාධ්‍ය මර්දනය කරන්න අපට වුවමනා නැහැ. මාධ්‍යයෙන් වැඩියෙන්ම බැනුම් අහන්නෙත් මම. මාධ්‍යය නැති වුණෙත් මටයි. මාධ්‍ය සඳහා පනවා තිබූ අපරාධ නීතිය ඉවත් කළෙත් මමයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දුන්නෙත් මමයි. ස්වාධීන කොමිෂන් සභා තුන් වතාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඉතිං කොහොමද මම මාධ්‍ය මර්දනය කරන්නෙ. ජාතික ප්‍රශ්නය විසඳන්න කියනවා. නමුත් මම ඒ කටයුතු සිදු කරද්දි සුමන්තිරන් මන්ත්‍රීතුමා සමඟ එකතු වෙලා අනික් ප්‍රශ්න නැති කරන්න හදනවා කියලා චෝදනා කරනවා. එසේ චෝදනා කිරීම සුදුසු නැහැ කියා මාධ්‍යවල කවුරුත් කිව්වෙ නැහැ. ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව මම කලින් කියලා තිබෙනවා. ඒකට කිසිම මාධ්‍යයක් විරුද්ධ වුණේ නැහැ. ඒ සඳහා සියලුම දෙනා පාර්ලිමේන්තුවේදී එකඟ වුණා. ඒක මුවාවෙන් ජාතිවාදය ඇති කරන්න එපා. එක් මාධ්‍ය ආයතනයක් ජාතිවාදී වැඩපිළිවෙළක් ගෙන යනවා. එකම දේ දවස් හතරක් විකාශය කළා. ඒ අතරතුර එක ද්‍රවිඩ වැසියෙකුට කවුරුන් හෝ පහර දුන්නා නම් මොකද වෙන්නේ. ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණ පෙන්නුවට කමක් නෑ, නමුත් එහි තව පැත්තකුත් තිබෙනවා කියලා පෙන්විය යුතුයි. උද්ඝෝෂණ පෙන්වන්න එපා කියා හෝ මට හොඳ කියන ඒවා විතරක් දාන්න කියා මම කියන්නේ නැහැ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ,ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය මහින්ද සිරිවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහත්වරු හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

Post Views: 2
Previous Post

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව 2022 මූල්‍ය වර්ෂයේ දෙවැනි අර්ධයේ ප්‍රගති වාර්තාව නිකුත් කරයි

Next Post

IMF සහනය ලබා ගන්න ජනපති රනිල්ගේ පරිණත නායකත්වය ශක්තියක් වුණා – රාජ්‍ය ඇමති රෝහණ

editor

editor

Next Post

IMF සහනය ලබා ගන්න ජනපති රනිල්ගේ පරිණත නායකත්වය ශක්තියක් වුණා - රාජ්‍ය ඇමති රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved