27 April 2024
#දේශීය

IMF සහනය ලබා ගන්න ජනපති රනිල්ගේ පරිණත නායකත්වය ශක්තියක් වුණා – රාජ්‍ය ඇමති රෝහණ

රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනිම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අදාළ සහයන් ලබා ගැනිම සදහා ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහත‍ාගේ පරිණත දේශපාලන ආර්ථිකය ඥාණය වඩාත් පිටිවහලක් වු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් මේ රට යහපත් අතට හැරෙන එකට විරුද්ධයි.ඔවුන්ට සටන් පාඨ දේශපාලනයට නැතව යනවා.නමුත් යමක් තේරුම් ගන්න පුළුවන් ජනතාව මේ පිළිබදව දන්නවා.අද වන විට විපක්ෂයේ සිටින දේශපාලන නායකයින් අයිඑම්එෆ් සහනය අපට ලැබෙන්නේ නැහැ කිව්වා.ජනාධිපතිවරයා කිහිපවරක්ම රට ගොඩනැගිම සදහා විපක්ෂයේ සහය ඉල්ලුවත් එය ලබා දිමට ඔවුන් විරුද්ධ වුණා.ලබා දුන්නේ නැහැ.විවිධ කොන්දේසි දමමින් කල් මැරුවා.අද වන විට රට යහපත් අතට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කරමින් තියනවා.පොහොර මිල අඩුවෙමින්.විවිධ භාණ්ඩ මිල අඩුවෙමින් තියනවා.ඉදිරියේදි ඉන්ධන මිලද ජනතාවට දැනෙන සහනයක් ලැබේවි.අද වන විට සංචාරක කර්මාන්තය දියුණුවෙමින් තියනවා.සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙමින් රට යහපත් අතට හැරෙමින් තියනවා.මේ තත්වය තවදුරටත් ඉදිරියට ගියහොත් විපක්ෂයට කියන්න දෙයක් නැතිවෙන එකට ඒ පිරිස් බයයි.රටේ ජනතාවට අද වන විට අවශ්‍ය වන්නේ තමන්ට සහනයක් වන කටයුතුයි.ඒ වගේම ඉදිරි උත්සව සමයේදි තවදුරටත් විවිධ අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අඩුවේවි.එවිට ජනතාවට යම් සහනයක් ලැබිම අනිවාර්යයි.නමුත් මේවා කඩාකප්පත් කිරිම සදහා විපක්ෂයේ ඇතැම් අය උත්සහ දරමින් සිටිනවා.ඒ පිළිබදව දැන ්ජනතාව තේරුම් ගෙන කටයුතු කරනවා යැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *