• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට සියලු කාන්තාවන් ඩිජිටල් ආර්ථීකයෙන් සවිබල ගැන්වීමට සුහුරුලිය 2.0 ඇරඹේ

29 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සමස්ත කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නංවමින් ජාතික ආර්ථිකයේ ප්‍රමුඛ කොටස්කරුවන් කිරීමේ අරමුණෙන් සුහුරුලිය 2.0 මූලෝපාය එළිදැක්වීම පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී සිදු විය.

ගෘහනියගේ සිට කාර්යාලයේ, වැඩබිමේ, ගොවිපොළේ ආදී සෑම ක්ෂේත්‍රයක ම සිටින සමස්ත කාන්තා ප්‍රජාව ම ආවරණය වන ආකාරයෙන් මෙම මූලෝපායික සැලැස්ම සකස් කර තිබේ.

මෙම සැලැස්ම ප්‍රධාන අරමුණු හතක් මූලික කර ගනිමින් සකස් කර ඇත. ඉදිරි තෙවසර අවසන් වන විට එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බවත්, එය 2030 ජාතික ඩිජිටල් ආර්ථීක මූලෝපායික සැලැස්ම හා සම්බන්ධව ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

සුහුරුලිය 2.0 මූලෝපායික සැලැස්ම තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් වෙත නිල වශයෙන් පිළිගැන්වීම ද මෙහි දී සිදු විය.

ව්‍යවසායිකාවන් දස දහසක් දෙනා ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඩිජිටල් ව්‍යවසායිකාවන් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ කරවීම, මෙරට කාන්තා ජනගහනයෙන් සියයට පනහක පිරිසක් 2026 වසර වන විට ජාතික ආර්ථිකයේ සක්‍රීය දායකත්වය දක්වන කොටස්කාරියන් බවට පත් කිරීම, 2026 වසර වන විට STEM අධ්‍යාපනය තුළ කාන්තා සංයුතිය සියයට හතළිහ දක්වා වර්ධනය කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය සියයට හතළිස් පහ දක්වා වර්ධනය කිරීම, රාජ්‍ය අංශයේ සිටින කාන්තාවන් නව ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි බල ගැන්වීම, විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන්, විදේශ රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන් සහ තොරතුරු තාක්ෂණ නොවන උපාධි ලත් කාන්තාවන් ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි පරිදි බල ගැන්වීම, සයිබර් අවකාශයේ කාන්තාවන් සඳහා ආරක්ෂාව සහ ආරක්ෂිතව තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳ දැනුම හා පුහුණුව ලබා දීම මෙම මූලෝපායික සැලැස්මට ඇතුළත් වේ.

මෙම අවස්ථාව ඇමතූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, DIGIECON 2030 වැඩසටහන යටතේ මේ වන විට රටට ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කර තිබෙන බවත්, එම ප්‍රතිපත්තියට ඇතුළත් ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සහ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම යන ප්‍රමුඛ කාරණා දෙක සුහුරුලිය මූලෝපායික 2.0 සැලැස්මට ද ඇතුළත් කර තිබීම ඉතා වැදගත් බවත් සඳහන් කළේය.

ජාතික ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ගම් මට්ටමේ සිට ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් බව ද රටේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කරමින් තොරතුරු තාක්ෂණ කර්මාන්තය පුළුල් කිරීමට කටයුුතු කරමින් සිටින බව ද සුහුරුලිය වැඩසටහන ගැන පසුවිපරමක් කිරීමත්, දිවයින පුරා පුළුල්ව ව්‍යාප්ත කිරීමත් ඉතා වැදගත් බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාව ඇමතූ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ ගෝලීය වශයෙන් මෙන් ම රටක් වශයෙන් ද තිබෙන අභියෝග ජය ගැනීමට නම් කාන්තා ප්‍රජාව නිසැකව ම තොරතුරු තාක්ෂණ දැනුම ලබා ගත යුතු බවත්, එවිට ස්ව ශක්තියෙන් නැගී සිටිමින් රටේ ආර්ථිකයටත් ශක්තියක් ලබා දීමට ඔවුන්ට හැකි වෙන බවත් ය. තම අමාත්‍යංශය මෙතෙක් මේ සඳහා ලබා දුන් සහාය ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය මෙහි දී අවධාරණය ක‍ළාය.

වැඩසටහ‍නේ මුඛ්‍ය දේශනය සිදු කරමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතා සඳහන් කළේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් මෙන් ම උසස් අධ්‍යාපනය හදාරන පිරිසගෙනුත් බහුතරය කාන්තාවන් වුවත් රැකියාවලට ප්‍රවේශ වීමේ දී එය අඩු ප්‍රතිශතයක් ගන්නා බවයි. තොරතුරු තාක්ෂණ දැනුම මඳ වීම එයට එක් හේතුවක් බව ද නොමිලේ අධ්‍යපනය ලබා රැකියා කිරීමට විදේශ ගත වූ විට එහි ඵල ප්‍රයෝජන ලබන්නේ එම රටවල් බව ද පැවසූ මහාචාර්යවරයා විදේශයන්ගෙන් ණය ලබා ගන්නා විට ඒ ගැනත් අවධානය යොමු කළ යුතු බව පැවසීය. කාන්තා ප්‍රජාව තොරතුරු තාක්ෂණයෙන් බලගන්වා රටේ ආර්ථිකයට සක්‍රීයව හවුල් කර ගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් සුහුරුලිය 2.0 මූලෝපායික සැලැස්මට අන්තර්ගත කර තිබෙන බව ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන මහතා මෙහි දී සඳහන් කළේ සුහුරුලිය පළමු අදියර විවිධ අවධීන් පසු කරමින් නොනැවතී ඉදිරියට ගමන් කළේ එහි තිබූ ප්‍රායෝගික බව නිසා බවයි. සුහුරුලිය 2.0 මූලෝපායික සැලැස්ම සකස් කිරීමට සෑම ක්ෂේත්‍රයක් ම නියෝජනය වන ආකාරයෙන් සහාය ලැබුණු බවත්, වැඩි පිරිසක් සහභාගි කරගෙන මෙවැනි දෙයක් එළිදැක්වීම අසීරු කටයුත්තක් බවත්, නැවත මෙවැනි අවස්ථාවක් නුදුරු අනාගතයේ උදා නොවන්නට හැකි බවත්, උදා වූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු බවත් එ් මහතා වැඩිදුරටත් පැවසීය.

“ඩිජිටල් ආර්ථිකය සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්විය යුත්තේ කෙසේ ද?” මැයෙන් මෙහි දී විශේෂ සාකච්ඡාමය සැසියක් ද පැවැත්විණි.

සුහුරුලිය 2.0 මූලෝපායික සැලැස්ම සකස් කිරීම සඳහා රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, කාන්තා සංවිධාන ඇතුළු ආයතන 59ක් සිය දායකත්වය ලබා දී තිබෙන අතර මාස 8ක කාලයක් ඒ සඳහා ගත වී තිබේ.

තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය, මෙටා (Meta) ආයතනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් පුහුණු මධ්‍යස්ථානය ඇතුළු ආයතන ගණනාවක් සුහුරුලිය වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා සිය සහාය ලබා දී ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල, තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ. කේ. ආර්. අලවත්ත, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ චම්පා උපසේන, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කේ. පී. සී. සුභාෂීණී, FITIS ආයතනයේ සභාපති ඉන්දික ද සොයිසා, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති ආචාර්ය අජන්ත අතුකෝරල, SLASSCOM ආයතනයේ උප සභාපතිනී ෂෙහානි සෙනෙවිරත්න, බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු සභාපති වජීන්ද්‍ර කන්ද‍ෙගමගේ යන මහත්ම මහත්මීන්, වෘත්තීයවේදීන්, කර්මාන්තකරුවන්, කාන්තා සංවිධාන නියෝජිතයින්, කාන්තා සංවර්ධන නිලධාරීන් සහ ව්‍යවසායිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

 

Post Views: 7
Previous Post

COP සමුළු එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීම ජනපතිගේ අපේක්ෂාවයි – පරිසර ඇමැති කෙහෙලිය

Next Post

එප්පාවල, ජය ඟගේ ජල පාලකවරයකු දියේ ගිලී මරුට

editor

editor

Next Post

එප්පාවල, ජය ඟගේ ජල පාලකවරයකු දියේ ගිලී මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

12 June 2025
විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025

Recent News

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

12 June 2025
විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved