27 April 2024
#දේශීය

එප්පාවල, ජය ඟගේ ජල පාලකවරයකු දියේ ගිලී මරුට

එප්පාවල, අමුණුකොළය ප්‍රදේශයේදී ජය ඟගේ ගිලී ජල පාලකවරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල, නල්ලමුදාව පදිංචි ඩබ්.ජී ධර්මසේන (53) නැමැති පුද්ගලයෙකි.

ඔහු කළාවැවේ සිට අනුරාධපුරයට ජලය ගලා යන ජයඟගෙහි එප්පාවල, අමුණුකොළය වාන් දොරටු පාලනය කිරීමට යොදවා සිටි වසර ගණනක් සේවය කළ ජලපාලකවරයෙකි.

එම වාන් දොරටුවල සිරවී ඇති ලී කොට, අතු ඇතුළු අපද්‍රව්‍යය ඉවත් කිරීමට යාමේදී ඔහු මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

ඔහු වාන් දොරටු උඩ සිට කොක්කක් ආධාරයෙන් වාන් දොරටු වල සිරවූ අපද්‍රව්‍යය ඉවත් කිරීම සිදු කරන බවත්, එලෙස සිදු කරමින් සිටියදී ඔහු ජය ගඟට වැටෙන්නට ඇතැයි සැක කරන බවත් පොලීසිය පවසයි.

ඊයේ (28) පස්වරුව වන විටත් ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන ඒ පිළිබඳව සොයා බලා, ඔහුගේ පුත්‍රයකු විසින් තම පියා පිළිබඳ තොරතුරක් නොමැති බවට පවසා පස්වරු 7.00 ට පමණ එප්පාවල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව කළ සොයා බැලීමකදී ඔහුගේ මළ සිරුර රාත්‍රී 10.00 ට පමණ ජයඟගේ තිබී සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *