• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ට සහය දෙනවා.. බැසිල් , මහින්ද එක්ක රට ගොඩනගනවා – මන්ත්‍රී චන්ද්‍රසේන

25 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතා අමාරු අවස්ථාවක රට භාර ගත්තේ බවත් ජනාධිපති දැඩි තීන්දු අරගෙන ඉදිරිටයට යන අතර අපි එතුමාට සම්පූර්ණ සහය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සියලුදෙනාම බැසිල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපි රට ගොඩනගන තැනට සහයෝගය ලබා දෙන බව ද ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කාලයේත්. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා හැටියට පත් වුණ දවසේ ඉඳන් දිගටම ජනාධිපතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක් , පළාත් සභා මැතිවරණයක් තිබ්බත් සෑම මැතිවරණයක් තිබ්බත් අපි පටන් ගන්නේ අනුරාධපුරයෙන්. ඒ සිරිතක් සහ සම්ප්‍රධායක් විදිහටයි. ඒ අනුව මෙවරත් අපි පළාත් පාලන ඡන්දය පවත්වන්න ලැස්තිවෙලා තිබුණ නිසා අපි ඒ මංගල රැස්වීම පවත්වන්න ලෑස්ති කරලා තිබුණා. නමුත් ඊයේ උසාවිය තින්දු කරලා තිබෙනවා මාර්තු 11 වන කන් කල්තබා තිබෙනවා කියලා. ඒ නිසා අපි තීන්දු කළා මාර්තු මාසයේ 10 ත් 20 ත් අතර දිනයකදි මේ රැස්වීම පවත්වන්න, ඡන්දය තිබුණත් නැතත් පවත්වනවා. එයින් පටන් ගත්තාට පසුව මූළු රටපුරාම අපි දිස්ත්‍රික් මට්ටමෙන් රැස්වීම් පවත්වන්න පක්ෂය තීන්දු කරලා තිබෙනවා. සමහර පිරිස් කියනවා අපිට ගමට යන්න බෑ, රැස්වීම් කරන්න බෑ කියලා. එහෙම කිව්වට අපි අනුරාධපුරයේ රැස්වීම තියන්නේ සල්ගාදු පිට්ටනියේමයි. ජනතා විමුක්ති පෙරමුණ සහ සජබේ පොඩි පොඩි රැස්වීම් තියාගෙන ගියා. අපි මේ රැස්වීම මේ සියලුම රැස්වීම්වලට වඩා ඉහළින් තියන්න ලෑස්ති කරලා තිබෙනවා. මොකද අපිට ගමට යන්න බැරිකමක් වෙලා නෑ. හේතුව මේ රටේ ජනතාව දන්නවා ආර්ථික අර්බුදය ඇතිවෙන්න පාදක වෙච්ච කරුණු මොනවද කියලා. කොරෝනා වසංගතය නිසා මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටුණා. රුසියානු යුක්රේන් යුද්ධය නිසා තෙල්, පොහොර මිල ඉහල ගිහින් තියෙනවා. එය මූළු ලෝකයටම බලපාලා තිබෙනවා. ඒ නිසා ඒ ආර්ථික කඩා වැටීම ලෝකයටම පොදු දෙයක්. අපේ රටේ ඉන්න විපක්ෂයේ පිරිස ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ අපිට දොස් කිය කියා ඇවිදිනවා. අපෙන් එක වැරැද්දක් වූණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොහොර සහනාධාර නවත්තපු එක. හැබැයි එතුමත් වෛදවරුන්ගෙන්, උගතුන්ගේ උපදෙස් පිළිපදින්න ගිහින් තමයි එය සිදු වුණේ. නැතිනම් මුළු ලෝකයටම බලපාපු දේවල් අපිටත් බලපෑවේ. එය දන්න ජනතාව දන්නවා. ගොවි ජනතාවට තමයි ප්‍රශ්න ඇතිවුණේ. හැබැයි ගොවි ජනතාව දන්නවා මේ පොඩි වැරැද්ද වුණාට ඊට වඩා ලොකු දේවල් අපෙන් කෙරිලා තියෙනවා. අවුරුදු 30 තිබ්බ ත්‍රස්තවාදය නැති කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අපේ ආණ්ඩුව. පාරවල් කාපට් කළේ අපේ ආණ්ඩුව. ඒ වගේම ගොවියාට නිෂ්පාදනවලට වී ඇතුළු ධාන්‍ය වර්ගවලට හැමදෙයකටම මිලක් දුන්නේ අපේ ආණ්ඩුව කියලා දන්නවා. මේ රටේ ආර්ථිකය ගොඩනැංවුවානම් ගොඩනැංවුවේ අපේ ආණ්ඩුව කියලා දන්නවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියනවා අවුරුදු 75 ක් ම මේ රට විනාශ කර දැමුවාලු මේ රට පාලනය කරපු පිරිස්. හැබැයි මම කියන්න කැමති අවුරුදු 75 ක් තුළ ඔවුන් විටෙන් විට රට විනාශ කළා. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය 1970 පත්වෙලා අවුරුද්දක් ගියේ නෑ 71 කැරැල්ලක් ඇති කරලා විශාල විනාශයක් කළා. 88, 89 කැරැල්ලදි සම්පූර්ණයෙන්ම රටම විනාශ කළා. ගොවිජන සේවා කාර්යාල විනාශ කළා. ඊයේ පෙරේදා අපේ ගෙවල් ඇතුළු විශාල නිවාස ප්‍රමාණයක් ගිනි තිබ්බා. බස් ගිනි තිබ්බා. බෙරේ වැවට දමලා අමානුෂික ලෙස වද දුන්නා. ඒ අය තමයි ඒ දේවල් කළේ. අපි පාසල් යන කාලයේදී ඇමරිකාවෙන් සහ නොයෙකුත් රටවල් වලින් ගෙනල්ලා දෙන හාල් ගන්න පෝලිම්වල ඉඳලා ගත්තේ. එහෙම කාලයක් තිබුණා මේ රටේ. නමුත් අද ඒ තත්වය මේ රටේ නෑ. තරුණ පරපුරට නැති දේවල් මවලා පෙන්නලා රවට්ටලා ඒ අයව වැරදිවලට පොළඹව ගන්නේ. මම ඊයේ හවස දැක්කා මාධ්‍යවලින් ස්වාමීන් වහන්සේලා හැසිරෙන හැටි.එක ස්වාමීන් වහන්සේ කෙනෙක් සිවුර පැටලිලා අඳනය පිටින් යනවා. බෞද්ධයෝ හැටියට හරි කණගාටු වෙනවා. මම කාලයක් ගිහි ශිෂ්‍යයෙක් විදිහට පිරිවනක පාලි හා සංස්කෘත ඉගෙන ගත්ත පුද්ගලයෙක්. එදා පන්සලේ තිබ්බ බෞද්ධකම ආගමික පරිසරය සම්පූර්ණයෙන් විනාශ කරලා තිබෙන්නේ. සංඝයා වහන්සේලත් යොදාගෙන කරන්නේ. කොහොමද රටක් ඉදිරියට යන්නේ. එදා මේ රට තුන්වෙනි පන්තියේ රටක් විදිහට තිබ්බේ. නමුත් මධ්‍යම පන්තියේ රටක් හැටියට උඩට ගත්තා අපේ ආණ්ඩුව. නමුත් අද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කිසිම දෙයක් කළේ නෑ හොරාකාපු එකමයි කළේ කියලා. හොරා කෑවනම් පාරවල් හදන්න, විදුලිය දෙන්න පුළුවන්ද. මේ විදිහට මිනිස්සුන්ගේ ඔලුව කුරුවල් කරලා නරක පැත්තට මේ රට අරගෙන යන්න කටයුතු කරන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතා අමාරු අවස්ථාවක රට භාර ගත්තේ. එදා අපිට ගෑස්, තෙල් පොලිම් තිබ්බා.අද ඒ කිසි දෙයක්. යම්කිසි ප්‍රගතියකට රට යමින් තිබෙනවා. හොඳ පැත්තකට රට හැරිලා යනකොට එය නැවත ඇඳලා කැරලි කෝලහල කරලා දැන ගෙන රට විිනාශ කරන්නේ. පෙලපාලි ගිහිල්ලා රටක් දියුණුවෙලා නෑ. ඒ නිසා ජනාධිපතිතුමා දැඩි තීන්දු අරගෙන ඉදිරිටයට යනවා. අපි එතුමාට සම්පූර්ණ සහය දෙනවා මේ රට ගොඩ නැගීමට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සියලුදෙනාම බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි රට ගොඩනගන තැනට සහයෝගය ලබා දෙනවා.”යැයි මන්ත්‍රි චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

රනිල්ට පුළුවන් ජේ.ආර්.ගේ පඹයා වෙන්න – අනුර

Next Post

හමුදා වෛද්‍ය විද්‍යාවේ නව පරිච්ඡේදයක් අරඹනවා – ජනපති

editor

editor

Next Post

හමුදා වෛද්‍ය විද්‍යාවේ නව පරිච්ඡේදයක් අරඹනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved