• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශයන්ට සහාය දෙනවා – සහකාර ලේකම්වරිය

24 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබාදීමටත් පියවර ගන්නා බව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වු අවස්ථාවේදිය.

සර්ව පාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා නූලන්ඩ් මහත්මිය දැනුවත් කළේය.

ඒ පිළිබඳ ප්‍රසාදය පළ කළ සහකාර ලේකම්වරිය කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දුන්නාය.

ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බව පැවසීය.

ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබාදීමටත් පියවර ගන්නා බව නූලන්ඩ් මහත්මිය සඳහන් කළාය. මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දෙනු ලැබීය.

කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බව රාජපක්ෂ මහතා පැවසීය. එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති පියවර නූලන්ඩ් මහත්මියගේ ඇගයීමට ලක් විය.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපතිතුමා දූත පිරිසෙන් ඉල්ලා සිටියේය.

සහකාර ලේකම් ඩොන් ලු (Don Lu), ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung), ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමන්ඩා ඩෝරි (Amanda Dory), දේශපාලන නිලධාරී ජෙෆ් චැනින් (Geoff Chanin), විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

තව සුමාන දෙකකින් සජිත්ගේ පිරිසක් රනිල්ගේ ළගට – ඇමැති මහින්දානන්ද

Next Post

අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ ජයලැබූවන්ට අගමැති සුරතින් සම්මාන

editor

editor

Next Post

අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ ජයලැබූවන්ට අගමැති සුරතින් සම්මාන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

13 January 2026
“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

13 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved