27 April 2024
#දේශීය

තව සුමාන දෙකකින් සජිත්ගේ පිරිසක් රනිල්ගේ ළගට – ඇමැති මහින්දානන්ද

තව සුමාන දෙකකින් සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හිඳිනු ඇති බව තමා ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ විපක්ෂයේ බොහෝ පිරිසක් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතා බස් කරමින් සිටිනු ඇති බවයි.

එසේම මේ වන විට ඔවුන්ගේ මුල් අකුරු වන්නේ හ, එ, ර, ස පටන් ගන්නා සිව් දෙනෙකු ඉතා ඉක්මනින් රනිල් වික්‍රමසීංහ මහතා සමඟ එක්වන බව අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *