• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට ශ්‍රී ලංකාවට සහාය දෙනවා – ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ජනපතිට කියයි

21 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෲස් (Karen Andrews) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.

ඕස්ට්‍රේලියාවේ උපාධි අපේක්ෂා කරන වෙනත් රටවල සිසුන්ට අදාළ පාඨමාලාවන්හි මූලික අදියරයන් ශ්‍රී ලංකාවේ දී හැදෑරීමට අවශ්‍ය අධ්‍යාපන ආයතන මෙරට ස්ථාපනය කිරීමෙන් මෙම අවකාශය සැලසෙන බව ඇන්ඩෲස් මහත්මිය පෙන්වා දෙයි.

ඇය මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (20) පස්වරුවේ පැවති හමුවේ දීය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධව වෘත්තීය හා නිපුණතා සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වෙන්කර ඇති මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12කි.

මෙරට කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙනැවිත් අගය එකතු කර, ප්‍රතිඅපනයනය ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන බව කැරන් ඇන්ඩෲස් මහත්මිය සඳහන් කළාය.

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය ඇගයීමට ලක් කළ අමාත්‍යවරිය තිරසර කෘෂිකර්මාන්තය සඳහා ඕස්ට්‍රේලියාව ද උනන්දුවෙන් පසුවන බව පැවසුවාය.

දෙරට අතර තානාපති සබඳතාවලට 2022 දී 75 වසරක් සපිරේ. එම දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් ක්‍රියාමාර්ග ඇන්ඩෲස් මහත්මියගේ පැසසුමට ලක් විය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන ක්‍රියාවලියට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක පරිත්‍යාගයක් සිදු කරමින් ලබාදුන් සහාය ජනාධිපතිතුමා සිහිපත් කළේය.

ජනාධිපති ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී මිනිස් ජාවාරම නැවැත්වීමට එවකට ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා සමග ගිවිසුමකට එළැඹිණ. ස්කොට් මොරිසන් මහතා මේ වන විට ඕස්ට්‍රේලියානු අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම පිළිබඳව සිය සතුට පළ කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය ජාවාරම, මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් සහ මිනිස් ජාවාරම මැඩලීම සඳහා දෙරට අතර ශක්තිමත් යාන්ත්‍රණයක් තවදුරටත් අපේක්ෂා කරන බව පැවසීය.

ඉන්දියන් සාගරයේ ස්ථායීභාවය රැකගනිමින් ඉදිරියටත් එම කටයුතු සඳහා තම රජයේ සහාය එලෙසින්ම ලබාදෙන බවත්, කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම රජය දැඩි විමසිල්ලෙන් පසුවන බවත් ඇන්ඩෲස් මහත්මිය සඳහන් කළාය.

ඩයස් පෝරාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් වගන්ති සංශෝධනයට රජය කටයුතු කරමින් ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේව්ඩ් හෝලි (David Holly), අමාත්‍ය උපදේශක ලච්ලන් මැක්නෝටන් (Lachlan McNaughton), පළමු සහකාර ලේකම් (ජාත්‍යන්තර අංශය) ඇඩම් මේයර් (Adam Meyer) විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 1
Previous Post

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ජනපතිට

Next Post

අත්හැර දමා ඇති වැවිලි සමාගම්වල ඉඩම් වතු කම්කරු ජනතාවට බෙදාදීමට පියවර ගැනේ – ඇමැති නිමල්

editor

editor

Next Post

අත්හැර දමා ඇති වැවිලි සමාගම්වල ඉඩම් වතු කම්කරු ජනතාවට බෙදාදීමට පියවර ගැනේ - ඇමැති නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved