ගාල්ල, උණවටුන ප්‍රදේශයේ සංචාරක වෙළෙඳසලකින් රුපියල් 15,000ක් පමණ වටිනා චිත්‍රයක් සොරකම් කළ බවට චෝදනා ලැබූ 52 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවක් හබරාදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙළෙඳසලේ සේවිකාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පැවැත්වූ පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා හමුවට සැකකාරිය ඉදිරිපත් කිරීමෙන් පසුව, ඇය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කෙරිණි.
සංචාරකයන් මෙවැනි සුළු සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන සිදුවීම් මෑතකදී දකුණු වෙරළ තීරයේ කිහිපයකින්ම වාර්තා විය.














