බහුපාර්ශ්වික ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා විපක්ෂයේ සියලු දෙනා පොදු අරමුණක් වෙනුවෙන් එක්විය යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි. අද (13) සර්වජන බලය පක්ෂ කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාව “මහජන හඬ” සංවිධානය සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. රටේ පවතින දේශපාලන තත්ත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු වී ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් සහ එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ. විපක්ෂයේ ශක්තිමත් සන්ධානයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව වාර්තා වේ.













