කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11) පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයකදී, පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා අයර්ලන්තයට ලකුණු 183ක දැවැන්ත ඉලක්කයක් හිමිව ඇත. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානුවන් කොළඹ තණතිල්ලේ සිය ආධිපත්‍යය පැතිරවූ අතර, අයර්ලන්තයට මෙම ඉලක්කය හඹා යෑම විශාල අභියෝගයක් වනු නොඅනුමානය.













