තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන කූඕමින්ටෑං (KMT) පක්ෂයේ සභාපතිනී චෙං ලී-වුං මහත්මිය හෙට (07) චීනය බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර එහිදී ඇය චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට ද ඉඩකඩ පවතී මෙය සාම මෙහෙයුමක් ලෙස ඇය හඳුන්වා දුන්න ද චීනය විසින් තායිවානය සිය පාලනයට නතු කරගැනීමේ උත්සාහයන් දැඩි කර ඇති මොහොතක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි විශේෂයෙන්ම තායිවාන රජය විසින් යෝජනා කර ඇති ඩොලර් බිලියන 40 ක අතිරේක ආරක්ෂක වියදම් සඳහා වන පනත විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රමාද කරමින් සිටින පසුබිමක මෙම සංචාරය දේශපාලන විවේචනයට ද ලක්ව තිබේ
චෙං ලී-වුං මහත්මිය පවසන්නේ ආරක්ෂක ශක්තියෙන් පමණක් සාමය උදාකරගත නොහැකි බවත් ඒ සඳහා දේශපාලන උත්සාහයන් ද අත්‍යවශ්‍ය බවත්ය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර මැයි මාසයේ පැවැත්වීමට නියමිත සමුළුවට මසකට පෙර මෙම සංචාරය සංවිධානය කර ඇත කෙසේ වෙතත් තායිවානයේ බලය හොබවන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP) චෝදනා කරන්නේ විපක්ෂය චීනය සමඟ එක්ව තායිවානයේ ආරක්ෂක ශක්තිය දුර්වල කිරීමට උත්සාහ කරන බවයි
චීනය විසින් මෑත කාලීනව තායිවාන වැසියන් සිය පාලනයට නතු කරගැනීම සඳහා විවිධ ප්‍රචාරක කටයුතු සහ යුද අභ්‍යාස සිදුකර ඇති අතර තායිවාන ජනාධිපති ලායි චිං-ටේ බෙදුම්වාදියෙකු ලෙස හඳුන්වමින් ඔහු සමඟ සාකච්ඡා කිරීම චීනය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි වසර දහයකට පසු කූඕමින්ටෑං නායකයෙකු චීනයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර තායිවානයේ අනාගතය තීරණය කිරීමට එරට ජනතාවට පවතින අයිතියට ගරු කරන ලෙස බලපෑම් කරන ලෙස තායිවාන රජය විපක්ෂ නායිකාවගෙන් ඉල්ලා සිටියි















