පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉතාම සාර්ථකව අපි පක්ෂය ඉස්සරහට රැගෙන යන්න බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(06) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “අපේ පක්ෂයේ මහා සම්මේලනය දෙසැම්බර් 15 දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන්න මේ වන විට කටයුතු යොදාගෙන යනවා. අපේ රටේ තිබෙන ග්‍රාමසේවා වසමකට එක නියෝජිතයා බැගින් අපි සියලුදෙනාම කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ගෘහස්ථ ක්‍රිඩාංගනයේ තිබෙන ඉඩකඩ මදිවෙලා තිබෙනවා. ඒ නිසා අපි ඒ සඳහා පිටතින් ආවරණ වෙනම යොදාගෙන පිරිස් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට පනස් දාහක්, හැට දාහක් ගේන්න පුළුවන්. නමුත් එතන තිබෙන ඉඩකඩ ප්‍රමාණය අනුව අපි ඒ ග්‍රාමසේවා වසමකින් එක නියෝජිතයෙක් ගෙනල්ලා, ඒ වගේම මැති ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, හිටපු පළාත් සහාවල මහා ඇමතිවරු, පළාත් සභා මන්ත්‍රිවරු, නගරාධිපතිවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු ඇතුළුව අපේ පක්ෂයේ මහජන නියෝජිතයින් සියලුදෙනාමත් මේ මහා සම්මේලනයට සහභාගි කරවන්න ඒ සියලු කටයුතු යොදලා තිබෙනවා. ඒ වගේම අපි ඉතාම උත්කර්ෂවත් අන්දමින් ඒ කටයුත්ත කරන්න සුදානම්වෙලා තිබෙනවා. අපි ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදානම්වෙලා ජයග්‍රහණය කරන පක්ෂයක් හැටියට පක්ෂය ඉදිරියට අරගෙන යන්න ඒ සියලු කටයුතු පක්ෂයේ නායකයා හැටියට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා උපදෙස් දිලා තිබෙනවා. ඒ වගේම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ඉතාම සාර්ථකව අපි පක්ෂය ඉස්සරහට රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
අපි දන්නවා අපේ රටේ තිබෙන ඉතිහාසය දිහා බැලුවාම අවුරුදු 45, 50, 60 ගිය පක්ෂ මේ රටේ තිබෙනවා. ඒ පක්ෂ හුඟාක් අද දියවෙලා ගිහින් තිබෙනවා. සමහර පක්ෂ අද බෝඩ් ලෑල්ලට සීමාවෙලා තිබෙනවා. නමුත් අපේ පක්ෂයට අවුරුදු 07 ක් ගතවෙලා තිබෙන්නේ. ඒ අවුරුදු 07 තුළම මුළු ශ්‍රී ලංකා භූමියේම ව්‍යාප්ත වෙච්ච පක්ෂයක්. ඒ නිසා මේ පක්ෂය හුඟාක් දෙනෙක් විනාශ කරන්න උත්සහ කළා. ඒ වගේම පුළුවන්තරම් මැර දේශපාලනයෙන් අපිව මැඩපවත්වන්න උත්සහ කළා. නමුත් එය හරි ගියේ නැහැ. අද යතාර්ථය ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ නිසා අපි පක්ෂයේ වැඩකටයුතු ඉතා සාර්ථකව ඉදිරියට රැගෙන යනවා. ඒ වගේම ඉතාම සාර්ථක සම්මේලනයක් අපි පක්ෂයක් හැටියට පවත්වන්න ඒ සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.”මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.