27 April 2024
#දේශීය

කොළඹ හෙද විදුහලේ හෙද සිසු සිසුවියන් 367 ක් සේවයට එක්වෙයි

කොළඹ හෙද විදුහලේ 2019 සිසු හෙද කණ්ඩායම සදහා හිස්වැසුම් පැළඳවිම සහ සේවයට කැපවීමේ උළෙල ඊයේ අද (05) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්විනි.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.

‌හෙද සිසු සිසුවියන් සදහා වන තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසර සාර්ථකව අවසන් කරන ලද සිසු සිසුවියන් 367 ක් සදහා මෙහිදී හිස් වැසුම් පැළදවිම සහ සේවයට කැපවීම සිදු කෙරිනි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාවට සහ හෙද සේවාවට සමාන සේවාවක් දකුණු ආසියානු කළාපය තුළ නොමැති බවයි.

අධිෂ්ඨානය තිබෙනවා නම් ජයගත නොහැකි කිසිම දෙයක් නැහැ කියා බවත් ඔබ සියළු දෙනාටත් එය පොදු බවත් අධිෂ්ඨානයෙන් යුතුව හෙද සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමට, සේවාවේ ප්‍රවර්ධනය සදහා කැපවී සේවය කරන්න යැයි ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, වෛද්‍ය ඉන්දික ජාගොඩ, වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර, ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විඡේසිංහ, කාසල්විදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂවරුන් වන ඩබ්.ඒ කීර්තිරත්න, ඒ.එම්.ඒ අබේනායක, එම්.බී.සී සමන්මලී, කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනි අයි.ඩී.පී.එන්.කේ තිළකරන්න යන මහත්ම මහත්මීන් ඇතුලු හෙද විදුහල්වල විදුහල්පතිවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *